රනිල්ගේ බැංකු සංශෝධන පනතට ආණ්ඩු පක්ෂයේ විරෝධය

බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට නම් කෙරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුව කල් තබා තිබුණි.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බැංකු ( සංශෝධන) පනත් කෙටුම්පතේ බලතල පැවැරීමට එන
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට යන වගන්තිවලට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ඊයේ (01 වැනිදා) දැඩි විරෝධය පළ කර තිබුණි.

අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී එම සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ අතර එම අවස්ථාවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නිලධාරීන් ද එක්ව සිට ඇත.

පනතේ බලතල පැවැරීමට යන ක්ෂේත්‍රයේ වගන්ති මෙසේ සඳහන් වෙයි.

‘‘ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය යැයි සලකන්නේ නම් බැංකු පනත යටතේ ඇති බලතල රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයාට නියෝජ්‍ය අධිපතිවරුන්, සහකාර අධිපතිවරුන්ට, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලයට නොඅඩු ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකුට හෝ මහ බැංකුවේ එවැනි නිලධාරීන්ගෙන් සමන්විත ඕනෑම කමිටුවකට පැවරිය හැකි වන පරිදි ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.’’

මෙම බලතල පැවරීමට අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු දැඩි විරෝධය පල කර ඇති අතර ඊට මහ බැංකු නිලධාරීන් පිළිතුරු ලබා දී ඇත. මුදල් බලතල පාර්ලිමේන්තුව සතු බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

බැංකු අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදී මූල්‍ය අක්‍රමිකතා, නීති විරෝධී ක්‍රියා සිදු කළ පුද්ගලයන් පත් කිරීමටද විරෝධය පළ කරන බව මන්ත්‍රිවරු පෙන්වා දුන්හ.

‘‘ බැංකු වල ප්‍රධාන කොටස් හිමියන්ගේ යෝග්‍යතාව, අධ්‍යක්ෂවරුන්ගේ, ප්‍රධාන විධායක නිලධාරියාගේ හා ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ සුදුසු බව’’ යන වගන්තියට අනුව අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී පත් කරන පුද්ගලයන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාවෙන් වාර්තා ලබාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මෙහිදී අවධාරණය කළේය.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...