‘හරි පීල්ලේ යා යුතුය – ඒ බව ජනතාවට දැනිය යුතුය’

Date:

‘තාත්තා මිය ගියේ ඔහු වඩාත්ම ආදරය කළ දේ කරමින් ය.’
ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකීගේ දියණියක එසේ ලියා තිබිණි.

‘ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවකු වරදකරුවකු වී නොමැත. අප මේ ගැන පුදුම නොවන අතර, අපගේ පවුල ද තවදුරටත් යුක්තිය අපේක්ෂා නොකරයි.’
ඇය එසේ ද ලියා තිබිණි.

ජනමාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී ඝාතනය කර වසර 20කි. 2005 අප්‍රේල් 27 වන දින බම්බලපිටිය පොලිසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් තිබිණි. ඊට පසු දින (2005 අප්‍රේල් 28) සිවරාම්ගේ මළ සිරුර අධිආරක්ෂිත කලාපයක් වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසලින් සොයාගත්තේය.

නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේත්, යුක්තිය වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේත් ජනතා අපේක්ෂාව වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමේ තීරණාත්මක කරුණු අතර ඉහළින් ම විය.

තරාකී ඝාතන විමර්ශන කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් විමර්ශන අංශවලට, නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි මාධ්‍ය වාර්තා කළේය. යුක්තිය අහිමි ව කළකිරීමට පත්, යුක්තියේ අපේක්ෂාව අත්හළ ඔහුගේ පවුලට මෙන්ම සමස්ත ජනතාවට ද බලාපොරොත්තුවේ දෑස් දල්වාගැනීමට අවශ්‍ය මූලික පියවර තබා ඇතත්, එපමණක් කිසිසේත් නොසෑහේ.
එම නිසා අපරාධ රාජ්‍යයක සිට ඉදිරියට යන ගමන වේගයෙන් හරි පීල්ලේ යා යුතුය. එය එසේ වන වග ජනතාවට දැනිය යුතුය.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...