මිනුවන්ගොඩ පොකුරට මාසයක් සම්පුර්න වෙයි – දින 30ට ආසාදිතයින් 7856ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආසාදිත කාන්තාවක් පසුගිය ඔක්තෝබර් 3වැනිදා හමුවීමත් සමග ඇරඹුණු මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරට අදට මාසයක් සම්පුර්න වී ඇත.

මීට පෙර නාවික හමුදා පොකුර ,කන්දකාඩු පොකුර වැනි පොකුරු ව්‍යාප්ත වූ නමුත් මෙම පොකුරේ ආසාදිතයින් ගණන ඊට වඩා ඉතා ඉහල ගොස් තිබේ.

දින 30ක් තුල ඉන් වාර්තා වූ ආසාදිතයින් ගණන 7856කි.

මෙම පොකුර මේ වන විට යම් පාලනයක් පෙන්නුම් කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඳ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ.

මෙරට දෛනික වැඩිම ආසාදිතයින් වාර්තා වූයේද මෙම පොකුරට අදාළව නිර්මාණය වූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ අනුපොකුරෙනි. එය 866ක් විය.

කෙසේ වෙතත් තවත් අනුපොකුරු නිර්මාණය නොවුව හොත් මෙම පොකුර ඉදිරි දින 60ක් පමණ ගත වන විට නිවාදැමිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...