මිනුවන්ගොඩ පොකුරට මාසයක් සම්පුර්න වෙයි – දින 30ට ආසාදිතයින් 7856ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආසාදිත කාන්තාවක් පසුගිය ඔක්තෝබර් 3වැනිදා හමුවීමත් සමග ඇරඹුණු මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරට අදට මාසයක් සම්පුර්න වී ඇත.

මීට පෙර නාවික හමුදා පොකුර ,කන්දකාඩු පොකුර වැනි පොකුරු ව්‍යාප්ත වූ නමුත් මෙම පොකුරේ ආසාදිතයින් ගණන ඊට වඩා ඉතා ඉහල ගොස් තිබේ.

දින 30ක් තුල ඉන් වාර්තා වූ ආසාදිතයින් ගණන 7856කි.

මෙම පොකුර මේ වන විට යම් පාලනයක් පෙන්නුම් කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඳ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ.

මෙරට දෛනික වැඩිම ආසාදිතයින් වාර්තා වූයේද මෙම පොකුරට අදාළව නිර්මාණය වූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ අනුපොකුරෙනි. එය 866ක් විය.

කෙසේ වෙතත් තවත් අනුපොකුරු නිර්මාණය නොවුව හොත් මෙම පොකුර ඉදිරි දින 60ක් පමණ ගත වන විට නිවාදැමිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...