ඩග්ලස් දේවානන්දව PTA යටතේ රඳවාගෙන ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් රැඳවුම් නියෝගවලට අනුව රඳවාගෙන වැඩිදුර විමර්ශන පැවැත්වීමට නියමතයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධුෂ් සතුව තිබී සොයාගත් ගිනි අවියක් සම්බන්ධයෙන් දේවානන්දා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

2019 වසරේදී සොයාගත් මෙම පිස්තෝල වර්ගයේ ගිනි අවිය, 2001 වසරේදී දේවානන්දාගේ පුද්ගලික ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කරන ලද්දක් බව විමර්ශනවලදී තහවුරු වී ඇත.

මෙම ගිනි අවිය පාතාල සාමාජිකයින් අතට පත් වූයේ කෙසේද යන්න පිළිබඳව ඔහුට නිශ්චිත පැහැදිලි කිරීමක් කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

​මෙම සිදුවීම හා සම්බන්ධ පුළුල් විමර්ශනයක කොටසක් ලෙස, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන දිවයිනට ගෙන එන ලද ප්‍රබල පාතාල සාමාජිකයින් පස් දෙනෙකු ද මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පවසයි.

ඩග්ලස් දේවානන්දා ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන තොරතුරු මත මෙම ජාලයේ තවත් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි විමර්ශන අංශ පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...