DAT දීමනාව දෙන්න එකග වීමෙන් පසු වෛද්‍යවරු වර්ජනය අතහරී

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවීමත් සමග වෛද්‍යවරුන් පැවත්වීමට නියමිතව තිබූ වර්ජනය අත්හැර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් පසුගියදා නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඔහු විසින් ම අද (23) පස්වරුවේ ලිඛිත දැනුම් දීමක් කර ඇත.

එමෙන්ම ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ද ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.

ඒ අනුව අද දින උදෑසන අටේ සිට ආරම්භවීමට නියමිතව තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එහි විධායක සභාව විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම පරාජයට පත් කරමින් වෛද්‍යවරුන්ට ලැබිය යුතු සාධාරණය ඉටු කිරීමට මැදිහත් වූ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට කෘතඥතාවය පළ කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

පසුගියදා අතුරු වෛද්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 72ක් පමණ 35000ක දීමනාව ඔවුන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනයේ නිරත වූ නමුත් මෙතෙක් එම ඉල්ලීම ඉටු නොවීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...