ආණ්ඩුවෙන් බියගුළු ක්‍රියාමාර්ගක් – විදුලි සේවකයන් 66කගේ වැඩ තහනම්

වැඩ තහනම් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකගේ සේවය මෙසේ අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.

විදුලිබල මණ්ඩලය ඊයේ (19) සඳහන් කළේ පසුගිය දා පැවති උද්ඝෝෂණයේ දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගිය දා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

ඒ අනුව, සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසු ව උපදෙස් ලබා දී තිබුණා.

එසේම රනිල් වික්‍රමසිංහ විසින් විදුලි සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් තිබුණා. නමුත් විදුලි සේවකයන් යොදාගත් පරිදි අඛණ්ඩව වර්ජනයේ නිරත විය.

දැන් ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ඉදිරියේදී ද ඇතිවිය හැකි මෙවැනි විරෝධයන් මැඩලීම සඳහා විදුලි සේවකයන්ගෙන් පලි ගැනීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...