ආණ්ඩුවෙන් බියගුළු ක්‍රියාමාර්ගක් – විදුලි සේවකයන් 66කගේ වැඩ තහනම්

වැඩ තහනම් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකගේ සේවය මෙසේ අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.

විදුලිබල මණ්ඩලය ඊයේ (19) සඳහන් කළේ පසුගිය දා පැවති උද්ඝෝෂණයේ දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගිය දා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

ඒ අනුව, සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසු ව උපදෙස් ලබා දී තිබුණා.

එසේම රනිල් වික්‍රමසිංහ විසින් විදුලි සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් තිබුණා. නමුත් විදුලි සේවකයන් යොදාගත් පරිදි අඛණ්ඩව වර්ජනයේ නිරත විය.

දැන් ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ඉදිරියේදී ද ඇතිවිය හැකි මෙවැනි විරෝධයන් මැඩලීම සඳහා විදුලි සේවකයන්ගෙන් පලි ගැනීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...