Breaking News

ඔන්ලයින් ආරක්ෂණ පනත ජනවාරි 23 පාර්ලිමේන්තුවට

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල සහ විවිධ කණ්ඩායම් මෙම පනත් කෙටුම්පතට එරෙහිව අදහස් පළ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

“බාහිර බලපෑම්වලට හසු නොවී ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 දා ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා,”

“මේ සියල්ල සිදුකිරීමේ අරමුණ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. නමුත් අවාසනාවකට රටේ ඇතැම් දේශපාලනඥයන් සහ කොටස් ඊට එරෙහිව අදහස් පළකරනවා” ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය අවභාවිතය, අපරාධ ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ වංචා සම්බන්ධයෙන් පසුගිය වසරේ (2023) ලැබී ඇති පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

මෙම පනත් කෙටුම්පත සහ එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ තීරණය කළ බව ද ඇමතිවරයා පවසයි.

leave a reply