ඔන්ලයින් ආරක්ෂණ පනත ජනවාරි 23 පාර්ලිමේන්තුවට

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල සහ විවිධ කණ්ඩායම් මෙම පනත් කෙටුම්පතට එරෙහිව අදහස් පළ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

“බාහිර බලපෑම්වලට හසු නොවී ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 දා ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා,”

“මේ සියල්ල සිදුකිරීමේ අරමුණ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. නමුත් අවාසනාවකට රටේ ඇතැම් දේශපාලනඥයන් සහ කොටස් ඊට එරෙහිව අදහස් පළකරනවා” ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය අවභාවිතය, අපරාධ ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ වංචා සම්බන්ධයෙන් පසුගිය වසරේ (2023) ලැබී ඇති පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

මෙම පනත් කෙටුම්පත සහ එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ තීරණය කළ බව ද ඇමතිවරයා පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...