නව ජනපතිත් සහනාධාර දීම අරඹයි

පොහොර සහනාධාරය රුපියල් 10000 කින් ඉහළ දැමීමට ජනාධිපති අනුර දිසානායක විසින් උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියි.

මේ අනුව එළඹෙන මහ කන්නයේ වී වගාව සදහා හෙක්ටයාර් 1කට රු. 25000ක මුදලක් ද ධීවරයන් සදහා ඉන්ධන සහනාධාරයක්ද ඔක්තොම්බර් පළමුවනදා සිට ගොවියන්ගේ සහ ධීවරයින්ගේ බැංකු ගිණුම්වලට බැරකිරීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණය අභියසදී මෙවැනි සහනාධාර ලබාදීම ආරම්භ කරන ලදී. ජාතික ජනබලවේගය එව තීන්දු දැඩිව විවේචනය කළ පක්ෂයක් වීම විශේෂත්වයකි.

මිට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් හමුවූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.

එහිදී විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත. එම කමිටුව හරහා විදෙස් ආධාර මත සිදු කරන ව්‍යාපෘති කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එහිදී විශේෂත්වය වන්නේ පසුගිය ආණ්ඩුව විසින් ධීවර කටයුතුවලට අදාළ ධීවර පනතක් කෙටුම්පත් කර තිබෙන අතර විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයට අදාළව විදුලි බල පනතක් සම්මත කර තිබේ.

නමුත් ජනාධිපති මාධ්‍ය අංශයේ වාර්තා අනුව මේ කිසිවක් ගැන අනුර දිසානායක සඳහන් කර නැත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...