ආණ්ඩුව ඊශ්‍රායලය සමඟ සබඳතා තව තරකර ගනියි

ජාතික ජන බලවේගය ආණ්ඩුව දිනෙන් දින ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් සිටියි.

රැකියා කාණ්ඩ හයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේචන්ද්‍ර ඊශ්‍රායල් බලධාරීන් සමග සාකච්ඡා කර ඇති අතර සේවා අංශයේ නව රැකියා ලබාගැනිමට අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම රැකියා වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවේ රනිල් – රාජපක්ෂ ආණ්ඩුවයි. දැන් වත්මන් ආණ්ඩුව එය ඉදිරියට රැගෙන යමින් සිටියි.

මේ දිනවල ඊශ්‍රායලයේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර එරට ජනගහන හා ආගමන අධිකාරියේ (Population and Immigration Authority-PIBA ) බලධාරීන් සමග ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් වන තාක්ෂණික ඇගයිම් හා ප්‍රගති සමාලෝචන ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ඊයේ (22) ඊශ්‍රායලයේ දී පවත්වා ඇත. ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනිමට ගිවිසුම් අත්සන් කිරිමෙන් අනතුරුව පවත්වන ප්‍රථම තාක්ෂණික ඇගයිම් හා ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමද ද මෙය මෙය බව පැවසේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නිවාස පාදක සාත්තු සේවා, කෘෂිකර්ම. ඉදිකිරීම්, හෝටල් ගෘහපාලනය හා පිරිසිදු කිරීමේ සේවා, නිෂ්පාදන හා අවන්හල් ආශ්‍රිත රැකියාවල පවතින ගැටලු හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් හා එම ගැටලුවලට ගතයුතු ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කෙරිණි. තවද එම රැකියා සම්බන්ධයෙන් පසුගිය ප්‍රගතිය සමාලෝචනයට ලක් කර තිබේ.

මෙයට අමතරව ඊශ්‍රා‍ලයේ පවතින නව රැකි අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීමත් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එරට ජනගහන හා ආගමන අධිකාරියේ නිලධාරීන් සමග පුලුල්ව සාකච්ඡා කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවට ඊශ්‍රායල් රැකියා වැඩි වශයෙන් ලබාගැනිම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි. එසේම සේවා ආශ්‍රිත රැකියා ලබා ගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කරන ලදි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...