නිදහස උදෙසා කාන්තාවෝ ICOR සමුළුවට

පසුගිය නොවැම්බර් 26වනදා සිට 29 දක්වා ICOR (International Coordination of Revolutionary Parties and Organizations) කාන්තා සමුළුව සහ න්‍යායාත්මක වැඩමුළු මාලාවක් නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වුණි. සමුළුවේ තේමාව වූයේ ”අපගේ විමුක්තියේ මාවත වැටී ඇත්තේ සමාජවාදය සඳහා වූ අරගලය හරහායි” යන්නයි. ඒ සඳහා ආරාධිත සංවිධානයක් ලෙස නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයද එක් විය. පළමු දිනයේ පැවති සමුළුව සඳහා යුරෝපය, ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව, මැද පෙරදිග යන කලාප නියෝජනය කරන රටවල් 12ක පමණ වාමාංශික පක්ෂවල දේශපාලන ක්‍රියාකාරිනියන් සම්බන්ධ විය. ඉන් පසු දින තුනක් පුරා ස්ත්‍රී විමුක්ති කථිකාවත ගැන මෙන්ම ලෝකයේ වැඩ කරන පන්තිය මේ මොහොතේ මුහුණ දෙමින් සිටින විවිධ තත්ත්වයන් එනම් ලෝක යුද්ධයක අවධානම, ෆැසිස්ට්වාදයේ නැගීම, අධිරාජ්‍යවාදී අතපෙවීම් සම්බන්ධ සාකච්ඡා පැවැත්වුනි. එසේම නේපාලයේ විවිධ වාමාංශික පක්ෂ සහ සංවිධාන නියෝජනය කරමින් පැමිණි සහෝදරියන් රාජාණ්ඩුව පළවා හැරීම සහ නේපාලය තුළ දේශපාලන අත්දැකීම් බෙදාගන්නා ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...