ඇත්ත තක්සේරුව ගන්න තව ටිකක් කල් යයි  වැලි කොට්ට තක්සේරුවට වඩා ඒක ලොකුයි 

ලංකාවට ණය ගෙවීමට නොහැකි වන බවට ලෝකයේ ප්‍රමුඛ ආර්ථික විශේෂඥයන් 121ක් වාර්තාවක් ලබා දී තිබෙනවා. ලංකාවට ණය ගෙවීම අත්හිටුවීමක් ලබා දෙන ලෙසත් ලංකාව අත්සන් කර තිබෙන ණය ගිවිසුම් දෙක යළි සලකා බලන ලෙසත් ඔවුන් දැනුම් දී තිබෙනවා.

මේ ලෝක ආර්ථික විශේෂඥයන් 121 දෙනාගේ ලිපිය සම්බන්ධයෙන් රජය සැලකිලිමත් විය යුතු බව ජන අරගල  සන්ධානයේ විධායක සභික  දුමින්ද නාගමුව ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව  ප්‍රකාශ කළේ අද 26/12/2025 පැවති මාධ්‍ය හමුවකදී යි . 

දැනට කර ඇති සත්වේරුවලට අනුව ඩොලර් බිලියන හතක හානියක් වී තිබෙන බවට නිල නොවන වාර්තා තහවුරු කරනවා . ඇත්තටම නිවැරදි තක්සේරුවක් ගන්න තව ටික කාලයක් ගතවේවි. දැන් මේ කරන වැලි කොට්ට තක්සේරුවට වඩා ඇත්ත තක්සේරුව බරපතලයි . මේ තක්සේරුව රුපියල් වලින් ගත්තොත් ඒක රුපියල් බිලියන 2100  ක් පමණ වෙනවා. 

ඇත්ත ප්‍රශ්නයක් මෙතන තියෙනවා රුපියල් බිලියන 2100ක පාඩුවක් කොහොමද දැන් අපේ ආර්ථිකයට උරාගන්නේ . අවුරුද්දකට රුපියල් බිලියන 500 ගානේ උරා ගත්තත් අවුරුදු හතරකට වැඩි කාලයක් යනවා මේක ආර්ථිකයට උරාගන්න . ඇත්ත තත්ත්වය මෙහෙම තියෙද්දි අපි පොරොන්දු වුණු ආකාරයට ණය ගෙවන්න අපට අවස්ථාවක් හිමිවෙනවද මේ පිළිබඳව ආණ්ඩුව බරපතල විදියට හිතන්න ඕනා එකක් . ආණ්ඩුව කරමින් ඉන්නේ උද්දච්ච කතා කීම පමණයි .

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...