ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය ගැන මාධ්‍යවේදී සංගම්වලින් චෝදනා

වත්මන් රජය පොලිසිය මෙහෙයවමින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන මර්දනය කිරීමට ගන්නා උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වන්නේ, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුව ඇති බව කියන දූෂණ හා වංචා පිළිබඳව හෙළිදරව් කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාට හෙට (26) ගම්පොල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි.

මෙය ඔහුගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට එරෙහිව එල්ල කළ අනීතික බලපෑමක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වාදෙයි.

එමෙන්ම ගංජා වැටලීමකට අදාළ පුවතක් විකාශය කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා ඇත.

මෙම පුවත ජාතික ජන බලවේග ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයක් ඉලක්ක කරගත් අනාවරණයක් බවත්, එය මර්දනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වී ඇති බවත් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමය ලිපිය මගින් සඳහන් කර ඇත්තේ, මාස 15ක කාලයක් තුළ ජාතික ජන බලවේග ආණ්ඩුව මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ අයිතිය හකුළුවාලීමට ගෙන ඇති පියවර තුළින් ඔවුන්ගේ සැබෑ ස්වභාවය හෙළි වී ඇති බවයි.

මාධ්‍ය නිදහසේ බැටළු හම පොරවාගෙන බලයට පැමිණි ආණ්ඩුව, දැන් වෘකයෙකු සේ මාධ්‍ය දඩයම් කරන බවට සංගමය සිය කණස්සල්ල පළ කර තිබේ.

පොලිස් රාජ්‍යයක් හරහා මාධ්‍ය මර්දනය කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයෙන් බැහැර වී, සැබෑ මාධ්‍ය නිදහසක් ඇති කිරීමට කටයුතු කරන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම, රජයේ මෙම බලපෑම්වලට එරෙහිව එක්ව පෙළගැසෙන ලෙස භාෂණයේ නිදහස අගයන සියලු පාර්ශවයන්ගෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...