ලෝකයේ වාර්ෂිකව නිපදවෙන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 430ක් – එක්සත් ජාතීන්ගේ සංවිධානය

Date:

ලෝක පරිසර දිනයේ 50 වැනි සැමරුම අදට (ජුනි 05 වැනි දිනට) යෙදී තිබේ.

ප්ලාස්ටික් නිසා සිදුවන පරසර විනාශය වළක්වා ගැනීම මෙවර පරිසර දිනයේ තේමාව වී තිබේ.

මිනිසා විසින් වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 430කට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ඉන් තුනෙන් දෙකක් කෙටිකාලීන නිෂ්පාදන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි . ප්ලාස්ටික් දූෂණයේ සමාජ හා ආර්ථික පිරිවැය වසරකට ඩොලර් බිලියන 300 සිට 600 දක්වා පරාසයක පවතී.

සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව 2021 වසරේ පරිසර ඇමතිවරයා වූ මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබුණි. ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය පවසන ආකාරයට ලංකාවේ දිනකට ප්ලාස්ටික් සහ පොලිතින් ටොන් 900 – 950ක් පරිසරයට බැහැර කරන බවට අනුමාන කර තිබේ. ඉන් නැවත එකතු කිරීමක් සිදුවන්නේ සියයට 50ක වැනි ප්‍රතිශතයකි. එසේම ප්‍රතිචක්‍රීයකරණය කෙරෙන්නේ එම ප්‍රමාණයෙනුත් සියයට 10ක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඊට අමතරව ලංකාව එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරට සාගර පදධතියට එකතු වූ කුඩා ප්ලාස්ටික් බෝල (Plastic palat) ප්‍රමාණය පසුගිය වසර වනවිට ටොන් 890ක් පමණ වෙතැයි මධ්‍යම පරිසර අධිකාරියේ පවසා තිබේ. සම්පූර්ණ එකතුවූ ප්‍රමාණය ගැන අදහසක් පළව නැත.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...