Breaking News

80 % ක ඡනතා කැමැත්ත දිනාගත් ඒකාධිපතියා 10% ක කැමත්ත දිනාගත් ගැහැණියකට බය වෙයි

උපාලි ජයසිංහ

බෙලාරුස්හි ( බෙලෝ රුසියාව ) ඡනාධිපතිවරනය 2020 අගෝස්තු 9 වන ඉරිදා පැවත්විනි වත්මන් බෙලාරූස්හි ඡනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හයවන වරටත් නැවත තේරී පත් වූයේ 80% ක ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි. ඒ ඔහුගේ 6 වැනි වරට වු තේරී පත්වීමයි 1994 සිට ඔහු බෙලාරූස්හි පාලකයා විය. ඔහුගේ ප්‍රතිවාදිනිය වූ ස්වියාට්ලානා සිඛානූස්කායාට (Svetlana Tikhanovskaya ) ගත හැකි වුයේ 10.% කි. ඡන්ද ප්‍රතිපලය දූෂිත යැයි පවසමින් ස්වියාත්ලානා ඡාත්‍යන්තර නීරික්ෂයන් මධ්‍යෙය් නැවත ඡන්දය පැවැත්විය යුතු යැයි අවධාරනය කලාය. ඇය කොතරමි බියපත්ව ඡන්දයට මුහුණ දුන්නේද යත් තම දරුවන් තිදෙනා ඡන්දයට පෙර ආරක්ෂාව සදහා ලිතුවෙිනියාට පිටත් කර තිබිණි. ඇගේ සැමියා ඇය ඡන්ද සටන මෙහෙයවන විට සිටියේ සිරගෙදරකය.ප්‍රතිපලය ප්‍රසිද්ධියේ හෙළා දැකීමෙන් පසු ටිඛනොව්ස්කායා මැතිවරණයෙන් පසු ලිතුවේනියාව බලා පිටත්ව ගියාය.

මැතිවරණයෙන් පසුව අත්අඩංගුවට ගත් විපක්ෂ සාමාඡිකයන් සංඛ්‍යාව 6200 කි.

ස්වියාට්ලානා සිඛානූස්කායා නොමැතිව දැන් බෙලාරූස්හි මිනිසුන් නැවත ඡන්දයක් ඉල්ලා පාරට බැස ඇත ඊට නායකත්වය දෙන්නේ විපක්ෂයේ මාරියා කොලෙස්නිකෝවා නැමති කාන්තා ක්‍රියාකාරිනියයි මාරියා කොලෙස්නිකෝවා දිගුකාලීන ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ නෙරපා හැරීමට පෙළඹී සිටින විපක්ෂ නායකයින් තිදෙනාගෙන් කෙනෙකි. ඇය නව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වේදිකාවක ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හිටපු ඉංග්‍රීසි ගුරුවරියක වන ස්වියට්ලානා සිඛානූස්කායාගේ සමීප මිතුරියකි.

මාරියා කොලොස්නිකෝවා. පසුගිය අගෝස්තු 14 වැනි දින මිනිසුන් දහස්ගණනක් මහපාරට කැදවීය. එහිදී ඇය ඡනමාධ්‍යෙවිදීන් අමතමින් ‘‘ .මෙි මොහොත බෙලාරුසියානු ඉතිහාසයේ ඉතා අසීරු අවස්ථාවක් වන අතර සෑම බෙලාරුසියානු ජාතිකයෙක්ම මා හා සමාන තත්වයක සිටී. ඕනෑම අයෙකු වීදියේදී, ඔවුන්ගේ මහල් නිවාසවලට පිවිසෙන මාර්ගයේදී හෝ නිවසේදී අත්අඩංගුවට ගත හැකිය. නමුත් එය දැන ගැනීමෙන් මාව නවත්වන්නේවත් මා බිය වන්නේවත් නැත. බෙලාරුසියානු සමාජයේ සිදුවන වෙනස්කම් තවදුරටත් ආපසු හැරවිය නොහැකි බව මම දනිමි. ඒ කියන්නේ අපි දැනටමත් දිනලා. සිදුවෙමින් පවතින වෙනස්කම් සමාජය තුළ විකාශනය වීමට යම් කාලයක් ගතවනු ඇත ‘‘ සෙනසුරාදා පැවති විරෝධතාවලට එක්වීම සඳහා කාර්ය මණ්ඩලය 100 ක් පමණ රාජ්‍ය රූපවාහිනී ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ සඳුදා වැඩ වර්ජනයක් සැලසුම් කළ බව ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.විරෝධතාවයේදී එක් පෙළපාලි කරුවෙක් වෙඩි වැදී මිය ගියේය.

මේ අතර සෙනසුරාදා ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් බෝල්ටික් ජනරජ තුනක අගමැතිවරුන් වන ලැට්වියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව “ප්‍රචණ්ඩ මර්දනය සහ බලධාරීන් විසින් සිදුකරනු ලබන විපක්ෂයේ දේශපාලන මර්දනය ගැන දැඩි කනස්සල්ල පළ කළහ බෙලාරූස් ජනාධිපතිවරණය “නිදහස් හෝ සාධාරණ නොවන” බව පැවසූ නායකයින් ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් “විනිවිද පෙනෙන” ඡන්දයක් ඉල්ලා සිටියෝය..එසේ නෙැමැති නමි විකල්පය සම්බාධක බව ඔවුහු අනතුරු ඇඟවූහ.

යුරෝපා සංගමය මෙි වනවිට ව්‍යාඡ මැතිවරණ ප්‍රතිපලයක් ඉදිරිපත් කල බෙලෝ රුසියාවට එරෙහිව සමිබාධක පනවමින් හිදිත් ඒ අතර මෙි මොහොතේ බාහිර මිලිටරි තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක ආධාර ලබා දීමට රුසියාව එකඟ වී ඇති බව බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ පවසා සිටී

leave a reply