රනිල්ගේ බොරු යෝජනා වෙනුවට ගොවීන් ආහාර සුරක්ෂිතතාවය සඳහා ඇත්ත යෝජනා ඉදිරිපත් කරයි

දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වට මේස සාකච්ඡාවට ඊයේ (07) සහභාගී වූ රනිල් වික්‍රමසිංහ ලෝක ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් විශේෂ යෝජනාවක් කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

එම යෝජනා වන්නේ ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් සැකසීමයි.

දැනට රටේ ආහාර සුරක්ෂිතාවය වෙනුවෙන් උකුණු හිසක තරම් දෙයක් නොකරන රනිල්ගේ මේ යෝජනා ද ආහාර සුරක්ෂිතාවය කෙසේවෙතත් තවත් ආහාර වෙනුවෙන් විදේශ රටවල මත පමණක් යැපීම අරමුණු කර ගත්තකි.

ආහාර නිෂ්පාදනයට දායක වෙන සුළු පරිමාණ ගොවියා සහ ආහාර මිලදී ගන්නා පාරිභෝගිකයා සුරකිමින් ආහාර සුරක්ෂිතාවය තහවුරු කරන්නක් නොවේ.

රනිල්ලාගේ බොරු යෝජනා මෙන් නොව එළවලු ගොවීන් එකතුවී ඊයේ දිනයේම ගොවි ජාතික සමුළුවෙන් පැවැත්වූ එළවලු ගොවීන්ගේ සභාවේදී ඔවුන් ආහාර සුරක්ෂිතාවය වෙනුවෙන් වූ ඇත්ත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

එහිදී ඔවුන්ගේ ප්‍රමුඛ යෝජනා වන්නේ,

ප්‍රමිතියෙන් යුතු පොහොර, පලිබෝධනාශක, බීජ සහන මිලට ලබාදෙනු!
අස්වැන්නට අවම සාධාරණ මිලක් නියම කරනු!
සමාගම් ග්‍රහණයෙන් ගොවියා නිදහස් කරනු!
සියලු ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙනු!
ගොවියාත් පාරිභෝගිකයාත් සූරා කන බදු, කොමිස් සහ තැරව්කාර මාෆියාව නතර කරනු!
කෘෂි උපකරණ සඳහා ගොවීන්ට බදු සහන ලබාදෙනු!
පසු අස්වනු හානිය අවම කරන වැඩපිළිවෙලක් සකසනු!

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

More like this
Related

‘හොඳ’ ඩඩ්ලි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’...

“ඒ හඳ මෙතැන” – මම අනුරුද්ධ, කවි පොතක් එළි දක්වන්න තීරණය කළා

මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ...

22 ට එරෙහි ජනමත විචාරණ ‘ගුණ්ඩුව’

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...