සිනමාත්මක අධිකාරිත්වයේ ෆැන්ටසි රාමුව බිඳ හෙලූ දිවුලාගේ My Red Comrade සිනමා මිතිකය

සුදත් මහදිවුල්වැව කියන සිනමා කරුවා, නිර්මාණකරුවා, හා මගේ මිත්‍රයා, හිතවතා හා සහෘදයාගේ විශේෂිත ආදරණීය ඇරයුමකට අනුව ඔහුගේ අභිනව My Red Comrade කියන සිනමා කෘතියේ විශේෂ දර්ශනයක් සඳහා මටත් එම සිනමා පටය නැරඹීමට අවස්ථාවක්‌ ලැබිණි. එය සිනමාත්මක ආඛ්‍යානයේ අනෙකාගේ ෆැන්ටසි බැල්මෙ ආශාව පුපුරවා හරින සිනමා මිතිකයකි. එකම දර්ශන තලයක හා චරිත දෙකක් වටා ගොඩනැගුණු මෙම සිනමා කෘතියේ මූලික තේමාව වී ඇත්තේ වාමාංශික දේශපාලනයේ අසමත්වීම හා එහි යටිබිම්බගත මිනිස් ආත්මයේ අතීත වේදනාව නූතන දේශපාලන මානයේ ස්වරූපය හා අභිමුඛ වීමේ ද්වි ඝටනයයි.

මෙම සිනමා පටය මේ වසරේම ඉතාමත් නුදුරු දිනයකදී සිනමා ශාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිත හෙයින්, මෙය දේශපාලන වශයෙන් කතාබහට ලක්‌වීමට නියමිත චිත්‍රපටයක් වේවි යැයි මගේ විශ්වාසයයි. එම නිසා මහජන ප්‍රදර්ශනයකින් පසු, සිනමාත්මක තත්වය දේශපාලන දෘෂ්ටිවාදයකින් හමුවෙන තුරු, අපගේ අවදිමත් ජීවිතවල අනෙකාගේ බැල්ම අර්ථ ලෝකයක් තුලින් දකින්න My Red Comrade ළඟදීම ඔබ හමුවට එනවා.

කල්පනා කලාට පාරේ තියෙන කළු ගල් ඉබේටම ඉවත් වෙන්නේ නැහැ. කිසිම වැඩක්‌ නොකරන මිනිහෙක්ගෙන් ඇති වැඩකුත් නැහැ. අපි කල්පනා කරන්නයි, දුක්වෙන්නයි අපේ ශක්තිය යොදවන්නේ මොකටද? නැගිටිමු, නැගිටලා කැළෑව අතරින් ඉදිරියටම යමු. කොතරම් විශාල වුණත් මේ කැළෑවට අවසානයක් තියෙන්ට ඕන.
මක්සීම් ගෝර්කි.

සාලිය ඉඳුරුවිතාන

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...