Breaking News

මම ලංකාවටම ජනාධිපති – රනිල් වික්‍රමසිංහ

සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා ලෙස ඉදිරි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

පාරිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයා ලෙස මා තේරී පත් වුණා.මෙම සභාව ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් නියෝජනය කරනවා. ඔබ සැම මෙ තැනට පත් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෙසයි.

අද මම ඔබ ඔබ අමතන්නේ සෑම ලංකිකයෙකුගේම ජනාධිපති ලෙසයි. සංස්කෘතික ඇවතුම් පැවතුම් පවත්වාගෙන යාමට මෙන්ම භාෂාව භාවිතය සඳහා සැමට අයිති අයිතිය ජනාධිපතිවරයා ලෙස මම භාවිතා කරනවා.එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය දීමටත් අනෙක් ආගම් ආරක්ෂා කිරීමටත් මම බැඳී සිටිනවා

මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

“විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවර බව නිසා අපට බොහෝ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදුවුණා . අපට සතුරන් නැහැ.ඒ නිසාම නිසා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තහවුරු කරනවා.”

අරගල බිමට පමණක් නොව රටේ ඉදිරි ගමන සඳහා තරුණ තරුණියන්ගේ දායකත්වය ලබාගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

” ඉදිරි මැතිවරණ තරුණ පරපුරේ වාරය විය යුතුයි .ඒ සඳහා ඉඩකඩ සැකසෙන පරිදි අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතුව තිබෙනවා.

රටේ ජනාධිපති ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනෙකු හෝ දෙවි කෙනෙකු බවට පත් විය යුතු නැහැ.ඒ ක්‍රමය වහාම වෙනස් විය යුතුයි.ඔහු වෙනම ලාංඡන පූජනීයත්වයට පත් කළ යුතු නැහැ.ඒ නිසා විසිදෙවැනි සංශෝධනය සම්මත කරගැනීමට කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ආහාර හිඟයක් ඇති නොවීම සඳහා පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කර්මාන්ත හා අපනයන අංශයන්ට එල්ල වී ඇවී ඇති බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බව කී ජනාධිපතිවරයා යළි නැඟිටීම සඳහා ඉන්දියාව ලබාදුන් සහයෝගය ගැන ස්තුති කරන බවද කීය.යළි නැඟිටීමට ජීවන හුස්ම ලබාදුන් ඉන්දියාවට ස්තුතිය පල කරන බව ද ජනාධිපතිවරයා කීය.

නැවත කිසි කිසිදිනක ආර්ථික කඩාවැටීමක් රටේ ඇති නොවන පරිදි ශක්තිමත් පදනමක් දැමිය යුතු බව ද ජනාධිපතිවරයා කීය.

ඉදිරි වසර 25 සඳහා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට රටේ ආර්ථික වෙනස් විය හැකිද?අප මේ තත්ත්වය ගැඹුරින් විමසා බැලුවා. 2025 වන විට ප්‍රාථමික අයවැයේ අතිරික්ත අය වැය අතිරික්තයක් ඇති කර ගැනීම අපේ අය උත්සාහය වී තිබෙනවා. 2026 වන විට ස්ථාවර ආර්ථික මට්ටමක් ඇති කර ගැනීම අපේ අරමුණ වී තිබෙනවා.

අඛණ්ඩ ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන ගියහොත් 2048 වන විට පූර්ණ ආර්ථික සංවර්ධනය ලැබූ රටක් බවට පත් කරගන්නට හැකියාව ලැබෙනවා.

බැංකු පද්ධතිය හරහා ලංකාවට විදේශ මුදල් එවීම දිරිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනතාවගේ අයිතීන් තහවුරු කරන අතර රජයේ තට්ටු නිවාසවල ජීවත්වන අයට නිවාස අයිතිය ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.

එමෙන්ම අඩු වරප්‍රසාදිත කොටස් පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන බවද පැවසූ ජනාධිපතිවරයා නැවත පුළුල් මධ්‍යම පන්තියක් බිහි කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කරන බව ද කීය.

ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදෙන නමුත් සාමකාමී අරගලයට ගෞරව කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

සාමකාමී අරගල කරුවන් වෙනුවෙන් විශේෂ කාර්යාංශයක් පිහිටුවන බව ද ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම සඳහා අවශ්‍ය වන සියලු පියවර ගන්නවා.ක්‍රමවේදයේ වෙනසක් අපේක්ෂා කළ අය ගාලු මුවදොරට පැමිණියා. මේ අරගලය අවිහිංසාවාදී හා නිර්මාණශීලී ලෙස පැවැත්වුණා. ඔවුන් කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් කළේ නැහැ. කුඩා දරුවන් පවා රැගෙන ඒමට මාපියන් බිය වුණේ නැහැ.

නමුත් පසුව අවිහිංසාවාදී බව යටපත්වී ප්‍රචණ්ඩත්වය ඉස්මතු වුණා. සමහරුන් ආදරය වෙනුවට ප්‍රචණ්ඩත්වය එන්නත් කළා. ත්‍රස්තවාදය කාන්දු කලා. මා ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ. නමුත් අවිහිංසාවාදය ට ඉඩ දෙනවා.

leave a reply