ඕනෑකර තිබේ!.. තෙතමනය

හුදකලා කළ ජීවිතය
සැරිසරන අවදානම
කොරෝනා කාලේ සිතිවිලි
විසුරුවයි කවි දස අත

නියං සමයකි පසුගිය
ඇද වැටෙන වැසි සැනසුම
ඝෝර බක් මහ අකුණු
බිඳ දමයි වාතලයම

දනන් නැත කෙළි බිම්වල
ළමෝ නැත ඔංචිලිවල
පාරවන මහ පාලු වීදිය
මග බලයි පැතු සෙනගම

අහර සොයමින් මග යන
නැති බැරි අතක් වෙලෙවිව
චැනල් අවුරුදු උළෙලවල
නැතක් රසමසවුලුය අද

නැත අවැසි කද මලුවල
ඇති යමක් දිය හැකි ලෙස
මිනිස් හැඟුමින් තෙත් කළ
වචන වුව දිව ඔසුය මේ බිම

චන්දන සිරිමල්වත්ත

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...