ඩබ්ලිව් ඒ සිල්වා සූරීන් ගේ 134 වැනි ජන්ම දින සංවත්සරය

ඩබ්ලිව් ඒ සිල්වා සූරීන් ගේ 134 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් ඔහුගේ සාහිත්‍ය නිර්මාණ කෘතිවල තෝරා ගත් අත්පිටපත් සහ මුල් පිටපත් කිහිපයක් මේ දිනවල මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇත. සාහිත්‍යකාමී ඔබට ඒවා දැක බලා ගැනීමට හැකි වන්නේ කොළඹ 6 වැල්ලවත්තේ, ඩබ්ලිව් ඒ සිල්වා මාවතේ අංක 126 වැනි දරන ස්ථානයේ පිහිටි ඩබ්ලිව් ඒ සිල්වා භාෂා සාහිත්‍ය කෞතුකාගාරයේ දී ය.

ප්‍රදර්ශනය ජනවාරි 16 වැනි දින ආරම්භ වූ අතර 20 වනිදා දක්වා පෙරවරු 11.00 සිට සවස 6.00 දක්වා පැවැත්වේ.

ඩබ්ලිව් ඒ සිල්වා භාෂා සාහිත්‍ය කෞතුකාගාරය ආරම්භ කර ඇත්තේ වර්ෂ 2018 වූ සැප්තැම්බර් මස 15 වැනිදා ය.

විවෘත කිරීම වෙනුවෙන් ස්ථාපිත සැමරුම් පුවරුවේ මෙසේ සඳහන් වෙයි.

“හෙළදිව මහා නවකතාකරු , සාහිත්‍ය කීර්ති ඩබ්ලිව් ඒ සිල්වා සූරීන් ගේ නිත්‍ය නිවෙස වූ මෙම “සිල්වර්මියර්” මන්දිරය තුළ ස්ථාපනය කරන ලද “ඩබ්ලිව් ඒ සිල්වා භාෂා සාහිත්‍ය කෞතුකාගාරය”

වර්ෂ 2018 සැප්තැම්බර් මස 15 වන සෙනසුරාදා දින විවෘත කර ඇත.”

ඩබ්ලිව් ඒ සිල්වා පදනමේ සභාපති ලෙස කටයුතු කරන්නේ ගරු වතවත සිරිසුමන ස්වාමීන් වහන්සේ වන අතර එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ රවි තිලකවර්ධන මහතාය.

ප්‍රදර්ශනය නැරඹීමට පහසුකම් සළසා දෙමින් හා ප්‍රදර්ශනය පිළිබඳ විස්තර ලබා දුන්නේ එහි වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කරන ජනප්‍රිය ගමගේ මහතාය.

Share post:

Popular

වෙනත් පුවත්

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...