කරුණා අම්මාන් ගේ ජාතිවාදී දේශපාලනයේ  මුල් ගුරුවරු දකුණේ දේශපාලකයෝ

Date:

මේ සතියේ ජාතිවාදය පත්තු කරපු සුපිරි චරිතය බවට පත්වෙලා ඉන්නේ කරුණා අම්මාන්. පසුගිය දවසක දේශපාලන රැස්වීමකදී කරුණා කියනවා කොරෝනා වලින් මරුනේ 9 දෙනයි අපි එක රැයක අලිමංකඩ දි හමුදාවේ 2000 ,3000  මරලා දැම්මා, කිලිනොච්චියේදී කීයක් මැරුවද? කියලා . ඉතින් මේ ප්‍රකාශය පිළිබඳව පුවත් නිර්මාණය වීම තවමත් අවසන් වී නැහැ. සිංහල සමාජයට එරෙහිව දෙමළ සමාජය තුළ ජාතිවාදය පැතිරවීම පිළිබඳව කරුණට චෝදනා එල්ල වෙනවා. ඔහුව අත්අඩංගුවට ගන්න ඕනා , විමර්ශනයක් කරන්න ඕනා කියනවා . මේ ප්‍රකාශය සිංහල සමාජයේ ඔලුව කැක්කුම වැඩි කරන්න හේතු වෙලා තියෙනවා.

දැන් මේකට කරන්නෙ මොකක්ද?

ඇත්තටම ගත්තොත් ඔහු මේ කරන්නේ දකුණේ දේශපාලකයන් කරන්නා හා  සමානවම ජාතිවාදය පත්තුකරන ,අනෙකාගේ මරණය පිළිබඳව පාරම්බාමින්, තමන් නියෝජනය කරන සමාජය සතුටට පත් කරමින් මැතිවරණ අවස්ථාවේ ඡන්දය ලබා ගැනීමට ජාතිවාදය පාවිච්චි කිරීම. දකුණට කරුණා අම්මාන් උතුරේදී ජාතිවාදය පාවිච්චි කිරීම වරදක් වෙන්නෙ කොහොමද? දකුණේ විමල් වීරවංශලා මහින්ද රාජපක්ෂලා , ජනාධිපති පුටුව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ සමස්ත දේශපාලන කණ්ඩායම්, නායකයෝ ,දකුණේ ඡන්ද වෙනුවෙන් මේ වන තුරු පාවිච්චි කර තිබෙන්නේ ජාතිවාදය නොවේද? ජාතික ආරක්ෂාව නැමැති අයිසින් එකෙන් වසා අදත් පාවිච්චි කරන්නේ ජාතිවාදය නොවේද?

කරුණා අම්මාන් කියන්නේ කවරෙක් ද?

කරුණා අම්මාන් පිළිබඳව ලංකාවේ නොදන්න කෙනෙක් නෑ.කරුණා අම්මාන් ගේ ප්‍රකාශය බරපතල විදිහට අරගෙන විවේචන එල්ල කරන මහත්තුරු පසුගිය සතිය වන තුරුම හිතාගෙන හිටියේකරුණා අම්මාන් සාන්තුවරයෙක් කියාද?  අපි කවුරුත් දන්න මේ කතා කරන කරුණා අම්මාන් එල්ටීටීඊ සංවිධානය නායකයෙක් ඔහු හමුදා භටයින් ඝාතනය කරන්න අණ දෙන්න ඇති. ඔහු අතින් හමුදාව ඝාතනය වෙන්න ඇති. හැබැයි  ඔහු ප්‍රභාකරන්ට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවට භාරවී සියලු විස්තර ලබා දෙන විට කරුණා  ජාතික වීරයෙක් වුනේ කාටද?පහත වීඩියෝව නරඹන්න, මහින්ද රාජපක්ෂ ඇතුළු හිතවාදී කණ්ඩායම කරුණා අම්මාන්ව රටේ ජනතාව ඉදිරියේ ගෙනත් තිබ්බේ කොතනද කියලා නැවතත් සිහිපත් කරගන්න.

ලංකාවේ දේශපාලන ඉතිහාසය දිග ඇරලා බැලූවිට අපිට පෙනෙන්න තියෙන කරුණු තමයි සෑම දේශපාලන පක්ෂයක්ම සෑම මැතිවරණයකදීම ජාතිවාදය තමන්ගේ වාසියට, බල වුවමනා වෙනුවෙන් යොදාගත් බව.මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසුව යුද්ධය තීරණාත්මක අවස්ථාවකට ගෙන එන්න  ජනතා විමුක්ති පෙරමුණේද  සහාය ඇතිව ජනමතය ගොඩ නැගීමේ ක්‍රියාවලිය  ආරම්භ කරපු දා සිට මේ වෙනතුරුම දේශපාලනය තුළ යටි පෙළක් ලෙස තිබුන  ජාතිවාදය යුද  ජයග්‍රහණයත් සමඟම දේශපාලනයේ උඩු පෙළට  කඩා පනිනවා. සිංහල දෙමළ මුස්ලිම් දේශපාලකයන් මේ නින්දිත ජාතිවාදී දේශපාලනය අද කිසිදු හිරිකිතයකින් තොරව පුරුද්දක් ලෙස යොදා ගනිමින් ඉන්නවා.

සිංහල සමාජයට මේ ජාතිවාදී දේශපාලනය තමන්ගෙ දේශපාලකයන් යොදා ගන්නා තාක් කල් ප්‍රශ්නයක්  නොවන්නේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයින්ගේ රට යන ආකල්පයෙන් අති බහුතරය සිතන නිසාය.කරුණා දෙමළ ජාතිවාදය පෝෂණය කිරීමට තමන්ගේ යටගියාවේ මිනීමැරුම් පිළිබඳව පුරාජේරු කියන විට සිංහල සමාජයට මේ හැටි රිදෙන්නේ තමන්ගේ මහා කෑල්ලට ඉන් එල්ල වෙන බලපෑම නිසාවෙනි.

ඉතින් සරලව ගත්තොත් කරුණා අම්මාන්ගේ ප්‍රකාශයට විමර්ශන ඉල්ලන සැමට කියන්න වෙන්නේ ඔබ හා සමානව ම කරුණා අම්මාන් ද  මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් ජාතිවාදය පාවිච්චි කරන බවයි. කරුණා පපුවට වෙඩි තියන්න ඉලක්කය ප්‍රභාකරන්ගෙන් ඉගෙනගත්තත් , ජාතිවාදයෙන් දේශපාලනය කිරීම ඉගෙන ගන්න ඇත්තේ දකුණේන් යයි අමතක කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...