Breaking News

එළවළු මිල ඉහළ යාම – පාරිභෝගික ජනතාවට එළවළු කන්නත් නැහැ, ගොවීන්ට ලාභයකුත් නැහැ

ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කීලෝව රැපියල් 2000 දක්වා මිල ඉහළ නැග ඇති බව වාර්තා වේ.

ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගනන්ද ඉහළ ගොස් තිබුණි.

එළවළු මිල ගනන් ඉතා ඉහළ යාමේ හේතුවෙන් ජනතාව විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැලකි සිටින බව වාර්තා වේ.

ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක තොග මිල රැපියල් 1,000.00 සිල්ලර මිල 1,400.00 ,අමුමිරිස් කිලෝවක තොග මිල රැපියල් 1,000.00 ක්ද එහි සිල්ලර මිල කිලෝව රැපියල් 1,300.00 ක් වශයෙන් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා මෙසේද පැවසිය.

මේ පිළිබඳ අදහස් දක්වන ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් පවසන්නේ තම මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවලු තොග විශාල වශයෙන් අඩුවී ඇති බවයි.

උඩරට එළවළු වගාවේ නිරත ගොවීන් පවසන්නේ එළවළු මිල වැඩි වුවද ගොවීන්ට එයින් සෙතක් නැති බවය. බීජ, පොහොර, තෙල් බෙහෙත්වලට අධික වියදමක් දැරීමට සිදු වී ඇති බවත්, එම වියදමට සාපේක්‍ෂව අස්වැන්නක් නොලැබෙන බවත් ගොවින් පවසයි. පසුගිය කාලය තුළ රට පුරා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය ද එළවළු අස්වැන්න අඩු වීමට ප්‍රබල සාධකයක් වී ඇති බව ද ඔවුන් පවසා තිබේ.

මෙහිදී පෙනෙන්නට තිබෙන කාරණය වී ඇත්තේ අවසානයේ පාරිභෝගික ජනතාවට අඩුමිලට එළවලු ලබාගැනීමට අවස්ථාවක් හෝ ගොවීන්ට වැඩිවෙන එළවලු මිලෙන් හෝ වාසියක් නොලැබෙන බවයි.

leave a reply