චෝදනාවට ලක්වූ උපාලි අබේරත්න තොරතුරු කොමිසමේ සභාපතිලු

ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස ක්‍රියා කළ උපාලි අබේරත්න ඇතුළු කොමිසම වෙනුවෙන් මහජන ධනය රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වැය කර ඇති අතර එම උපාලි අබේරත්න මේ වනවිටද තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති ලෙස ක්‍රියාකරමින් සිටින බව වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ පත් කළ උපාලි අබේරත්න සභාපති ධුරය දැරූ කොමිෂන් සභාව “පිස්සු පූසා කොමිසම” යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද අතර ගැසට් පත්‍රයේ පල කර තිබූ විශය පතයෙන් පිට ක්‍රියා කිරීමට තරම් දේශපාලන පලි ගැනීමක නිරත විය. එම කොමිෂන් සභාවෙන් වරදකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු 09 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

එම පෙත්සම් විභාග කර බැලීමෙන් පසුව පෙත්සම්කරුවන් 09 දෙනාට රුපියල් 150,000 බැගින් නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කරමින් පිස්සු පූසා කොමිසමේ නිර්දේශ ඉවත දැමීය. එහෙත් එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න මේ වනවිටත් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති ධුරය දරමින් ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වූ තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය විවිධ ආකාරයෙන් උල්ලංඝණය කරමින් සිටින බවට චෝදනා එල්ල වී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...