ඇමරිකාවේ නැවතත් Black Lives Matter විරෝධතා ඇවිල යයි

විස්කොන්සින් ප්‍රාන්තයේ නිරායුධ කළු ජාතිකයෙකුට සිදුකළ වෙඩි තැබීමට එරෙහි විරෝධතා දෙවැනි දිනයේත් ඇවිල ගොස් තිබේ. ගොඩනැගිලි සහ වාහනවලට ගිනි තබමින් මේ විරෝධතා පැවැත්වී තිබේ.

පසුගිය ඉරිදා විස්කොන්සින් පළාතේ කෙනෝෂා ප්‍රදේශයේදී ජේකොබ් බ්ලේක් නමැති කළු ජාතිකයෙකුට විස්කොන්සින් පොලිසිය සත් වතාවක් වෙඩි තබා ඇත.

ඔහුට වෙඩි තබා තිබෙන්නේ ගෘහස්ථ ආරාවුලක් සම්බන්ධයෙන් පොලිසිය සමග කතා කර ආපසු සිය වාහනයට යන අතරවාරයේදියි.

ඔහු සිය වාහනයට නැගීමට යාමේදී පොලිසිය වෙඩි තබන ආකාරය වීඩියෝ දර්ශනයකට හසුව තිබෙන අතර, මේ වන විට එය ලොව පුරාම වයිරල් වෙමින් තිබෙන්නේ මීළඟ Black Lives Matter විරෝධතා මාලාව සඳහා ලෝකය සූදානම් කරමිනි.

ජේකොබ් බ්ලේක් පසුපස අවම වශයෙන් සුදුජාතික පොලිස් භටයන් තුන් දෙනෙක් ඇවිද යන ආකාරය මෙම වීඩියෝවේ දැකගත හැකිය.

සුදු ජාතික පොලිස් භටයන් විසින් ඔහුට මෙසේ හත් වතාවක් වෙඩි තබා තිබෙන්නේ ඔහුගේ දරුවන් තිදෙනා ඉදිරිපිටදීයි.

මේවනවිට ජේකොබ් බ්ලේක් බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් වාර්තා වේ.

මෙම සිදුවීම දුටු පුද්ගලයෙක් වන ලා-රොන් ෆ්‍රෑන්ක්ලින් පවසන පරිදි “‘‘ඔහු ළඟ කිසිම ආයුධයක් තිබුණෙ නෑ. ඔහු පොර බදන්න හෝ කිසිම ගැටුමක් ඇති කරගන්න උත්සාහ කළෙත් නෑ. ඒත් පොලිසිය ඔහුට හත් වතාවක් වෙඩි තිබ්බා..‘‘

ජේකොබ් එරෙහි විරෝධතා ඇතිවීමත් සමඟ කෙනොෂා ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබුණි. නමුත් විරෝධතාකරුවන් එය නොතකා විරෝධතාවල නිරතවී තිබුණි. මෙම පිරිස් කඳුළු ගෑස් බාවිත කරමින් විසුරුවා හැරීමට උත්සාහ කළද එය නොතකා විරෝධතා සඳහා එක්වෙමින් සිටියි.

විස්කොන්සින් ආණ්ඩුකාර ටෝනි එවර්ස් ප්‍රාදේශීය පොලිසියට ආධාර කිරීම සඳහා ජාතික ආරක්ෂක බළකාය කැඳවා තිබේ.

පසුගිය මැයි මාසයේදී කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීමට එරෙහි විරෝධතා ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා පැවැත්වුනි. එහිදී විරෝධතාකරුවන් පැවසුවේ ජාතිවාදයට සහ පොලිස් මර්දනයට තිත තැබිය යුතු බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...