වතු කම්කරු වැටුප් වැඩිකිරීමට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනියි

වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබේ.

වතු කම්කරු වැටුප වැඩිකරමින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

මෙම නඩුව අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබේ.

එම අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යවරයා විසින් ඉවත් කරගෙන තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණි.

කම්කරු ඇමති මනුෂ නානායක්කාර පැවසුවේ වතු සමාගම් ගැසට් නිවේදනයේ සඳහන් වැටුප ලබා නොදුනහොත් වතු සමාගම් රජයට පවරා ගන්නා බවයි. නමුත් ආණ්ඩුව අතරමගදී මෙම ගැසට් නිවේදනය අවලංගු කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...