වතු කම්කරු වැටුප් වැඩිකිරීමට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනියි

වතු සමාගම් 21ක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබේ.

වතු කම්කරු වැටුප වැඩිකරමින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

මෙම නඩුව අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබේ.

එම අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යවරයා විසින් ඉවත් කරගෙන තිබෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණි.

කම්කරු ඇමති මනුෂ නානායක්කාර පැවසුවේ වතු සමාගම් ගැසට් නිවේදනයේ සඳහන් වැටුප ලබා නොදුනහොත් වතු සමාගම් රජයට පවරා ගන්නා බවයි. නමුත් ආණ්ඩුව අතරමගදී මෙම ගැසට් නිවේදනය අවලංගු කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...