Breaking News

20 පරිසර ප්‍රශ්නවලට බලපාන්නේ කොහොමද? – සජීව චාමිකර පැහැදිලි කරයි

5/2001 චක්‍රලේඛය අහෝසි කරමින් , ජනතාව අනවරසරයෙන් භුක්ති විඳපු ඉඩම්වල අයිතිය නැවත ලබා දෙන බව පවසමින් ඒ ඉඩම් සමාගම්වලට ලබාදීමේ ක්‍රියාවලිය 20වන සංශෝධනය හරහා තවත් ශක්තිමත් වීමට නියමිත බව පරිසරවේදී සජීව චාමිකර පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ,

“අදවනවිට ගොවින්, ධීවරයන් සහ සුළු පරිමාණ සත්ව පාලනයෙහි යෙදෙන්නන් පොදුවේ භාවිතා කරන ඉඩම් විශාල පරිමාණ සමාගම්වලට ලබාදෙමින් යනවා. මෙය රජයේ ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නීතිමය බාධා ඉවත් කිරීම ඇතුලු ක්‍රියාවලියකට රජය යොමුවෙමින් පවතිනවා. IMS හෝල්ඩින් කියන සමගම විසින් මොණරාගල ප්‍රදේශයේ අක්කර 62000ක භූමි ප්‍රමාණයක් උක් වගාව සඳහා ලබා ගැනීමට උත්සාහ කරනවා. අමතරව චීන සමාගම් සඳහා හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ගොවි ජනතාව හේන් වගාවේ යෙදුණු ඉඩම් අත්පත් කරගන්න උත්සාහ කරනවා. අනුරාධපුරයේ අවුරෝරා කියන ඇමරිකානු සමාගම කෝමාරිකා වගාව සඳහා ගොවීන් විසින් වගා කරන ඉඩම් ලබා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල අක්කර 80000ක් බඩ ඉරිඟු වගාව සඳහා ලබාදෙන්න කියලා කෘෂිකර්ම දෙපාර්තම්නේතුව වන රක්ෂණ දෙපාර්තම්නේතුවෙන් ඉල්ලීම් කරලා තියෙනවා. 20වන සංශෝධනය ගෙන ඒම හරහා මෙම ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න හදනවා. ජනතාව විසින් ලබාදුන් විධායක බලය තවදුරටත් ශක්තිමත් කරලා පාර්ලිමේන්තුවට වග නොකියන අධිකරණ පාත්‍රතාවයට යටත් නොවන ජනාධිපතිවරයෙක් බවට මේ ජනාධිපතිවරයා පත්වීමට නියමිතයි. මේ ආකාරයට සිදුවුණොත් එහෙම මේ කියන ඉඩම් ලබාදීමේ යාන්ත්‍රණය ඉඩම් අනපනත් උල්ලංඝණය කරමින් ජනතාව පොදුවේ භාවිතා කරපු ඉඩම් අහිමි කිරීමේ ක්‍රියාවලියකට යන්න පුළුවන්. 5/2001 චක්‍රලේඛය අහෝසි කරලා, ජනතාව අනවරසරයෙන් භුක්ති විඳපු ඉඩම්වල අයිතිය නැවත ලබා දෙනවා කියලා ඒ ඉඩම් සමාගම්වලට ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න හැදුවා. ඒ ක්‍රියාවලිය 20වන සංශෝධනය හරහා තවත් ශක්තිමත් වෙන යාන්ත්‍රණයකට ලක් කිරීමට නියමිතයි. ”

 

leave a reply