පොන්නාවේලි සිමෙන්ති කර්මාන්තශාලාවට එරෙහි අරගලයට පැමිණි ඩග්ලස්ව ගම්වැසියන් පන්නා දමයි

කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි හා කිරාංචි ප්‍රදේශයන්ගේ ඉඩම් සිමෙන්ති කර්මාන්තශාලාවකට හුණුගල් ලබා ගැනීමට ලබාදීමේ සුදානමකට එරෙහිව පොන්නාවේලි ප්‍රදේශයේ ඊයේ (අප්‍රේල් 05 වැනිදා ) විරෝධතාවයක් පැවැත්විණි.

ඒ අවස්ථාවේ මෙම ගැටළුව පිළිබඳ සොයා බැලීමට බව පවසමින් එම ස්ථානයට පැමිණි ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්දට ගම්වාසීන්ගේ විරෝධය එල්ල විය.

ගම්වාසීන් පැවසූවේ අමාත්‍යවරයා සිය හිතවාදීන් පිරිසක් සමඟ පැමිණ තම ඉඩම් සිමෙන්ති කර්මාන්ත ශාලාවකට පැවරීමේ සුදානමක් පැවති බැවින් ඊට විරුද්ධව තමන් විරෝධතාවය දැක්වු බවයි.

අමාත්‍යවරයාට පක්ෂපාතී පිරිස් හා ගම්වාසීන් අතර එහිදි නොසන්සුන්තාවයක්ද හටගත් අතර, තත්ත්වය පාලනයට පොලිසියද කැඳවා තිබුණි.

ගම්වාසීන්ගේ විරෝධතා හමුවේ අමාත්‍යවරයා අදාළ ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබුණි.

කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම්මානයේ ජනතාව යුද්ධය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිය උපන් ගම්මාන අතහැර ගොස් වසර ගණනාවක් අවතැන්ව සිට නැවත පදිංචියට පැමිණි පිරිසකි.

එම ජනතාව දැන් බියෙන් පසුවන්නේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් නිසා තම ගම්බිම් යළි අහිමී යයි ද පිළිබඳවය.

වර්තමානයේදී පොන්නාවේලි ගම්මානය ආශ්‍රිතව හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට හුණුගල් පවතින සීමාවන් සොයා බැලීමට පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ භූ කැණීම් කර පරීක්ෂණ පවත්වා ඇතැයි ගම්වැසියන් පවසයි.

ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක හුණුගල් කැනීමට අවශ්‍ය මුලික අනුමැතිය සිමෙන්ති කර්මාන්තශාලාවකට ලබාදී ඇති බවත්, හුණුගල් කැනීම ගම්මානය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ හොත් තමන්ට ගම්මානයේ ජිවත්විය නොහැකි බවටත් සඳහන් කරමින් පොන්නාවේලි ගම්වාසීහූ අඛණ්ඩව දින 100ක් ඉක්වමා මේ වන විට විරෝධතාව පවත්වමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...