මම ගෙනාපු යෝජනාවට සජිත් අනුරත් විරුද්ධ වෙලා නැහැ- රංගේ බණ්ඩාර

පසුගිය සතියේදී තමන් කළ ප්‍රකාශය සිදුකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඒ, ඊයේ (03) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රංගේ බණ්ඩාර මේ බව සඳහන් කර සිටියා.

විවිධ පුද්ගලයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න කටයුතු කරන බව පැවසු නමුත් තමා කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් සිදු කර නොමැති බව රංගේ බණ්ඩාර පවසනවා.

”විවිධ පුද්ගලයින් විවිධ කතා කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න කටයුතු කරනවා කිව්වා. විවේචනයන් සිදුකළා. මම කිසිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් කරලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට එකඟව මම කිව්වේ ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය. ජනාධිපතුමා රට භාර ගෙන මේ වෙලාවේ කරගෙන යන වැඩපිළිවෙල ගැන රටේ බහුතරයක් ජනතාවගේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ජනතාව තුළ පවතින මත තමයි මා ඔබට ප්‍රකාශ කළේ. මම අනිත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා මේ වැඩපිළිවෙල පිළිගන්න කැමතිද මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවද කියන එක කරුණාකරලා රටට ප්‍රකාශ කරන්න. මාව විවේචනය කළාට වැඩක් නැහැ. අද වෙනකන් සජිත් ප්‍රේමදාස මහත්තයත් අනුර දිසානායක මහත්තයත් මේකට විරුද්ධව වචනයක්වත් කියනවා මට ඇහුනෙත් නැහැ, මම දැක්කෙත් නැහැ. මම විශ්වාස කරනවා රට ගොඩනගන වැඩේදී මම ගෙනාපු යෝජනාවට ඒ ගොල්ලන්ගේ විරුද්ධතාවක් නැහැ කියල.”

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...