‘සිනොපෙක්’ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

හම්බන්තොට ප්‍රදේශයේ නව ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීමට චීනයේ සිනොපෙක් සමාගම සමඟ ගිවිසුම්ගත වීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව අද (27) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත තෙල් පිරිපහදුව, අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් වන අතර කැබිනට් අනුමැතිය හිමිවීමටත් ප්‍රථම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ වූ සූදානම විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.

ආර්ථික අර්බුදයට පිළිතුරු සොයන මුවාවෙන් ආණ්ඩුව සූදානම් වන්නේ රටේ බලශක්ති ස්වාධිපත්‍ය ඉන්දියාවට සහ චීනයට ලබාදීමට බව පෙනෙන්නට තිබේ.

ධාරිතාවෙන් ලොව ඉහළම පිරිපහදුව සහ විශාලතම ඛනිජ රසායනික නිෂ්පාදන සමාගම්වලින් එකක් වන Sinopec සමාගම සෞදි අරාබියේ පිරිපහදු වත්කම් සහ රුසියාවේ පෙට්‍රෝ රසායනික නිෂ්පාදන අයිතියද හිමිය.

ශ්‍රී ලංකා රජය විසින් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගමට හම්බන්තොට වරාය වසර 99 ක බදු දීමෙන් පසුව සහ කොළඹ වරායේ සැපයුම් සහ ගබඩා මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 392 ක ආයෝජනයක් සඳහා චීනයට ලබාදීමට නියමිත බව අප්‍රේල් මාසයේ වාර්තා විය.

පුරාණ සේද මාවත ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස චීනයේ තීරයක් සහ මාර්ගක් උපායමාර්ගයට අදාළව මෙම පියවර වැදගත් වෙනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසා තිබේ.

නිල අනුමැතිය ලැබීමෙන් පසු පිරිපහදුවෙහි ප්‍රමාණය සහ තාක්ෂණික වින්‍යාසය අවසන් කිරීම ඇතුළුව සිනොපෙක් මූලික ඉංජිනේරු සැලසුම් ආරම්භ කරන බව සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් වෙත පවසා ඇත.

මෙම නව ආයෝජනය දැනට සිනොපෙක් විසින් පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හල් 150ක් පවත්වාගෙන යන වැඩපිළිවෙලට තවත් ශක්තියක් එකතු කරනු ඇත.

ඒ අනුව වැඩිකල් නොගොස්ම ඉන්ධන පිරිපහදුව ශා ඉන්ධන බෙදාහැරීම යන දෙකම සිනොපෙක් විසින් අල්ලා ගනු ඇත. ඒ හරහා මෙරට තෙල් ඒකාධිකාරය හිමිවනු ඇත්තේ චීන සමාගමකටයි. අඩු මිලට තෙල් ලබාගැනීම මෙන්ම බලශක්තිය සම්බන්ධ ලංකාවේ ස්වාධිපත්‍ය ද අහිමිව යනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...