රාජ්‍ය ආයතන පෞගලිකරණයේ පළමු අදියර ඇරඹෙයි

Date:

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින්, ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමටත්, තවත් ආයතන කිහිපයක් සමඟ ඇති රාජ්‍ය මැදිහත්වීම අවසන් කිරීමත් තවත් ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීම ඇතුළු නිර්දේශ ඉදිරිපත් කර ඇති බවට පුවතක් ‘සන්ඩේ ටයිම්ස්’ වර්තා කර තිබේ.

ජාතික ජන බලවේගය ආණ්ඩුව ද රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් සැලසුම් කර තිබූ පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඉදිරියට රැගෙන යන් බව පෙනන්නට තිබේ. මේ ආකාරයට පටන් ගැනෙන්නේ එහි මුල් අදියරයි. එනම් රටට එතරම් වැඩක් නැති බව හැගෙන ආයතන ප්‍රතිව්‍යුහගතකිරීම පළමුව සිදුවෙනු ඇත. විදුලි බල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය දෙවනුව ආරම්භ වෙනු ඇත.

වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමට පත්කළ කමිටුව මඟින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ කජු සංස්ථාව ඇතුළු අමාත්‍යාංශ හයක් යටතේ ඇති වාණිජ නොවන රාජ්‍ය ආයතන 12 ක් ඈවර කිරීමට නිර්දේශ කර ඇති බව එම වාර්තාවෙහි සඳහන් වේ.

මෙලෙස ඈවර කිරීම නිර්දේශ කරනු ලබන අනෙකුත් ආයතන අතරට ගාලු උරුමය පදනම, ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය ඇතුළත්.

එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී ජාලය යන රජය සතු මාධ්‍ය ආයතන තුන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ වාණිජමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා තනි කළමනාකරණයක් යටතේ තැබිය යුතු බවටද කමිටුව නිර්දේශ කර ඇත.

මෙම මාධ්‍ය ආයතනවලට ඔවුන්ගේ පැවැත්ම සඳහා සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වීම හේතුවෙන් තනි කළමනාකරණයක් යටතේ පවත්වාගෙන යෑම කමිටුවේ නිර්දේශය වී ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ කිරීම සඳහා නිර්දේශිත අනෙකුත් ආයතන වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරි, පොල් වගා මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ තල් සංවර්ධන මණ්ඩලයයි.

රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ ආවේණික අකාර්යක්ෂමතා විසඳීමේ අරමුණින්, රටේ සියලුම වාණිජ නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.

මෙම කමිටුව මඟින් අමාත්‍යාංශ 24 ක් යටතේ ඇති ආයතන 160 ක් නිරීක්ෂණය කර තිබුණි.

පසුගිය සඳුදා දිනයේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් අදාළ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එහිදී අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

ඇතැම්, සමහර රාජ්‍ය ආයතන කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර ඒවා ඒ ආකාරයෙන්ම කළමනාකරණය කිරීමටත් තවත් ආයතන කිහිපයක් පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයෙන් පවත්වා ගැනීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

නිදසුනක් ලෙස ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව වැනි ආයතනයක් භාණ්ඩාගාරය මත යැපීම අවම කර ගත හැකි වන පරිදි පෞද්ගලික හවුල්කරුවෙකු සමඟ සම්බන්ධ වීමෙන් කාර්යක්ෂමව පවත්වාගෙන යා හැකි බවට වාර්තාව කරුණු ඉදිරිපත් කර ඇත.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය ඒකාබද්ධ කිරීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

එමෙන්ම, සර් ජෝන් කොතලාවල රෝහල කිසිදු ලාභයක් නොලබන බවත් භාණ්ඩාගාරයට බරක් වී ඇති බවත් නිරීක්ෂණය වී ඇති බැවින් එය මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයතනයක් බවට පත් කරන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවටද උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...