රුපියල් මිලියන 349ක බාල ඖෂධ භාවිතයෙන් ඉවත් කරලා

2022 වර්ෂයේ දී , රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතරින් රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කර ඇති බව අනාවරණය වී ඇති අතර , විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවට අනුව සඳහන් වන්නේ අදාළ ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර ඇති බවයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ, ඊට අමතර ව රුපියල් මිලියන 32ක් වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත් වීම මත පසුගිය වසර තුළ තාවකාලිකව භාවිතය අත්හිටුවා ඇති බවයි.

වෛද්‍ය සැපයීම් අංශය විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බැවින් ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තා වන අවස්ථාව වන විටත් එම ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිත කර අවසන් කර තිබූ බව ද විගණනය මඟින් අනාවරණය වී තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ, 2022 වර්ෂය අවසන් වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යාමේ දී අත්‍යවශ්‍ය තනතුරු අතරින් වෛද්‍ය නිලධාරීන් 1,331ක පුරප්පාඩු පැවතුණ බවයි.

දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ඊට අමතර ව දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77ක්, හෙද නිලධාරීන් 1,759ක්, හෙද සොයුරු සොයුරියන් 275ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥවරුන් 136ක්, වෘත්තීය චිකිත්සකවරු 68ක් ඖෂධවේදීන් 126ක් සහ විගණන ශිල්පීන් 270ක් ද පුරප්පාඩු වී තිබූ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...