පරණ වයින් අලුත් බෝතල්වල පැමිණීම

Date:

මේ සති අන්ත මාධ්‍ය බොහොමයක් වාර්තා කර ඇති පරිදි ඊළඟ මැතිවරණය සඳහා විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා සාකච්ඡා කෙරෙමින් තිබේ.

එම සන්ධානය ගොඩනැඟෙතැයි කියන්නේ, සමගි ජනබලවේගය කේන්ද්‍ර කරගනිමිනි. මෙයට, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, ජී. ඇල්. පීරිස් සහ චන්න ජයසුමන ඇතුළු පිරිසක් එක් වන බවත්, එම සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය ඩලස් අලහප්පෙරුමට ලබාගැනීම අරමුණු කරගනිමින් චරිත හේරත් වැනි තවත් පිරිසක් ඊට එක් වීමට නියමිත බවත් එම ප්‍රවෘත්ති හරහා කියැවුණි.

මේ අතර අතීෂයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක සමගි ජණබලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් දැනටමත් පවසා තිබේ.

මෙවැනි සන්ධාන ගොඩනැගීම ගැන පුවත් වාර්තා වන්නේ ලබන වසර මැදදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට වන ඉඟියක් ලැබීමෙන් පසුවයි.

ජනතාව දැනටමත් පවතින ආණ්ඩුව සම්බන්ධයෙන් සිටින්නේ කලකිරීමෙනි. එම කලකිරීම රනිල් වෙතටද එල්ල වී තිබේ. දැන් පිරිසක් උත්සාහ කරන්නේ එම කලකිරීම පාවිච්චි කරමින් ජනතාව ඇන්දවීමටයි.

ඩලස් සහ ජී. එල්. පීරිස් ගැන පමණක් කතා කළහොත් ඔවුන් දෙදෙනාම පසුගිය සමයේ රාජපක්ෂලා සිදුකල සියලු ජඩ වැඩ අනුමත කළ අයවලුන් බව අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේත් ඔවුන් ඉදිරියෙන්ම සිටින ලදී.

ආයතන බෙලහීන කරමින්, නීතියේ ආධිපත්‍යය වෙනුවට ජනාධිපතිවරයාගේ විධායක ආධිපත්‍යය තහවුරු කෙරෙන 18 වන සංශෝධනය සඳහා මහා නීති විශාරදයෙකු වන ජී. ඇල්. පීරිස් සහ පොදු ජන හිතවතෙකු වශයෙන් පෙනී සිටීමට ලොල් කරන ඩලස් අලහප්පෙරුම උපරිම සහය ලබාදෙන ලදී.

ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු ගෙන ආ විධායක ජනාධිපති ධූරයේ බලය වැඩිකර ගැනීමේ 20වන සංශෝධනය සඳහාද අර කී දෙදෙනා දෑතම උස්සා ඊට සහාය පලකරන ලදී. මේවා උදාහරණ දෙකක් පමණි.

නිවැරදි ලෙස බලන්නේ නම් මේ කියන ආර්ථික අර්බුදයට මේ දෙදෙනාම වගකිව යුතුය.

සමගි ජන බලවේගය සම්බන්ධයෙන්ද මතක් කිරීමට ඇත්තේ ඔවුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට පෙර ආණ්ඩුවේ දේශපාලන වගකීම් දැරූ බවයි. පාස්කු ප්‍රහාරය වැලක්වීම වෙනුවෙන් කිසිදු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම , විශාල ණය ප්‍රමාණයක් ගැනීම වැනි චෝදනා ඔවුන්ටද එල්ල වේ. ආර්ථික අර්බුදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ද සම්බන්ධ නිසා ඔවුන්ගේ ද වැඩි වෙනසක් නැත.

ඇත්තටම ඉදිරි මැතිවරණයකදී සිදුවීමට ඇත්තතේ පරණ වයින් අලුත් බෝතල්වල පැමිණීම පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...