දිගටම බලයේ ඉන්න ගෝඨා තවත් ගැටයක් ගහයි

වර්තමාන අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එකතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමට තමන් සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ සියලු පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමුකරමිනි.

එම ලිපියේ මේ පිළිබද සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 29 වනදා ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසද දන්වා ඇත.

නමුත් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා පවසා තිබුනේ තමන් අගමැති ධූරය දමා යාමට සූදානම් නැති බවයි.

ජන අරගලය ප්‍රභල ලෙස ඇවිලෙමින් සිටින මේ මොහොතේ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ කුමන හෝ ගැටයක් ගසා තම විධායක ජනාධිපති ධූරය රැක ගැනීමටයි.

අරගලයේ යෙදෙන ජනතාවගේ ප්‍රමුඛ ඉල්ලීම් වන්නේ ජනාධිපතිවරයා සහා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...