දිගටම බලයේ ඉන්න ගෝඨා තවත් ගැටයක් ගහයි

වර්තමාන අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එකතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමට තමන් සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ සියලු පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමුකරමිනි.

එම ලිපියේ මේ පිළිබද සාකච්ඡා කිරීම සඳහා අප්‍රේල් 29 වනදා ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසද දන්වා ඇත.

නමුත් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා පවසා තිබුනේ තමන් අගමැති ධූරය දමා යාමට සූදානම් නැති බවයි.

ජන අරගලය ප්‍රභල ලෙස ඇවිලෙමින් සිටින මේ මොහොතේ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ කුමන හෝ ගැටයක් ගසා තම විධායක ජනාධිපති ධූරය රැක ගැනීමටයි.

අරගලයේ යෙදෙන ජනතාවගේ ප්‍රමුඛ ඉල්ලීම් වන්නේ ජනාධිපතිවරයා සහා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...