පාසල් පොත් වැට් බද්දෙන් නිදහස් කර නැහැ

Date:

දිවයිනේ සියලුම පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සදහන් කරනවා.

අද (13) පාර්ලිමේන්තුවේ දී මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව දරුවන් අවශ්‍ය අභ්‍යාස පොත් ලබාගැනීම සදහා පාසලේ විදුහල්පතිවරුන්ට ඇණවුම් ඉදිරිපත් කළ හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ සඳහා ලබන ජනවාරියේ සිට වැට් බදු අයකිරීමක් සිදුවේ. ඒ අනුව අභ්‍යාස පොත් ඇතුළුව සියලු පාසල් උපකරණ මිල ඉහළ යනු ඇත.

පසුගිය වසරේ ආර්ථික අර්බුදය සමයේත් පාසල් උපකරණ මිල විශාල ලෙස ඉහළ නැග තිබුණි. ඒ අවස්ථාවේ රජය පැවසුවේ පාසල් අභ්‍යාස සඳහා 30%ක වට්ටමක් ලබාදෙමින් සහන මිලට පොත් ලබාදෙන බවයි. නමුත් එවැනි දෙයක් ක්‍රියාත්මක වූවේ නැත. මේ මොහොතේත් ආණ්ඩුවේ මෙවැනි පොරොන්දු කතාවලට පමණක් සීමා වෙනු ඇති බවට මත පළවේ.

එයට හේතුව ඇත්තටම පාසල් දරුවන්ට සහන මිලට පොත් ලබාදීමට ආණ්ඩුවට අවශ්‍ය නම් කළ යුතුව තිබුනේ බදු අයකිරීමකින් තොරව ලබාදීමයි. දැන් ඒ සඳහා බදු ගසා සහන මිලට පොත් ලබාදෙන බව කීම විහිළුවකි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...