Tag: slpp

  • රැස්වීම්වල පච කෙළින්න එපා – තිස්සකුට්ටිට පොහොට්ටුවෙන් අවවාද

    රැස්වීම්වල පච කෙළින්න එපා – තිස්සකුට්ටිට පොහොට්ටුවෙන් අවවාද

    ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර තිබේ.

    දුරකථන මාර්ගයෙන් මෙම අවවාදය සිදුකර ඇති බව පැවසෙයි.

    ඒ, තිස්සකුට්ටි ආරච්චි මෑත කාලීනව සිදුකළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බවට සඳහන් කරමිනි.

    ඊට ප්‍රතිචාර වශයෙන් පොහොට්ටුව මෙම දැඩි අවවාදය සිදුකර ඇති බව පැවසෙයි.

    හෙට (25) දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චිට පක්ෂ කාර්යාලයට කැඳවීමක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

    මේ අතර පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණේ,

    “මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති. මං එයාගේ ළඟම මිත්‍රයා..ළඟම හිතවතා. එහෙමයි කියලා මට ගිහින් කියන්න බැහැ. අරක දෙන්න මේක දෙන්න කියලා. ලංකාවේ වැඩිම ප්‍රතිශතයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනකොට අන්න එයාට ගිහින් කියන්න විතරයි තියෙන්නේ.. අනුරාධපුරයේ මිනිස්සු ඔයාට සැලකුවා කියලා. අනුරාධපුරයේ මිනිස්සුන්ට දැන් ඔයා සලකන්න කියලා.”

  • අත්වල ලේ නැති රාජපක්ෂලා

    අත්වල ලේ නැති රාජපක්ෂලා

    අවසානයේ පද්මේගේ කොනක රාජපක්ෂලා ගෑවුණා නේද? යනුවෙන් මාධ්‍යහමුවකදී මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ සඳහන් කළේ, අපේ අත් වල ලේ නෑ… අපි නීති විරෝධී කටයුතු වලට මැදිහත් වෙලා නෑ සහ අපි කෙඳිරිගාන්නෙත් නෑ… යනුවෙන්ය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය මන්ත‍්‍රීවරයෙකු වන සම්පත් මනම්පේරී නමැත්තාගේ සහෝදරයෙකුගේ ඉඩමක වළ දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනය කිරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් ඊයේ (5) ගොඩ ගන්නා ලදී. එම සිද්දියත් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ කෙහෙල්බද්දර පද්මේ පිළිබඳව කතා බහක් සමාජ තුළ ඇති වී තිබේ. ඒවාට අදාළ විවිධ ඡායාරූප පවා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි.

    මෙවන් තත්ත්වයක් තුළ අද මාධ්‍ය හමුවේදී නාමල් රාජපක්ෂ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කේන්ද්‍ර කරගෙන ආණ්ඩුව සහ පොලිසිය යම් ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. මේ වන විටත් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් විසින් සිද්ධියට අදාළ හිටපු මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය තහනම් කර ඇති බව නාමල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත. එසේම ආණ්ඩුව මෙම සිද්ධිය දේශපාලන දඩයමක් නොකරගෙන, අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව ද නාමල් රාජපක්ෂ එහිදී පැවසුවා.

    එසේම මේ රසායන ද්‍රව්‍ය ගෙන ආ කන්ටේනර් සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොලිසිය දැන සිටියේද නැද්ද යන්න ඔහු මෙහිදී විමසා සිටියා.

    එසේම පක්ෂයක් ලෙස පොදු ජන පෙරමුණ සෑම විටම විනය රැක ගැනීමට ද කටයුතු කරන බවත් යම් කිසි සාමාජිකයෙක්, අපේක්ෂකයෙක් හෝ මන්ත්‍රීවරයෙක් විනය කඩ කිරීමක් සිදු කර තිබේ නම් ඊට අදාළව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බව නාමල් රාජපක්ෂ පැවසුවා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ඉටු කර ගැනීම සඳහා මේ සිදුවීම පාවිච්චි නොකර අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

    පාස්කු ඉරිදා ප්‍රහාරය ආණ්ඩුව විසින් දේශපාලනීකරණය කළ ආකාරයට මේ සිද්ධියද දේශපාලනීකරණය නොකර ලෙස ඉල්ලා සිටි ඔහු පැවසුවේ එම ප්‍රහාරයේදී වගකීම් පැහැර හැරි අය මේ වන විට ආණ්ඩුවේ ඉහළ පුටු වල සිටින බවයි. ඔවුන් තමන්ගේ කාර්යය නිසි ලෙස ඉටු නොකර වගකීම් පැහැර හැර ඔවුන්ට එල්ල වන චෝදනා වෙනත් පාර්ශවයන්ට හරවන බව ද ඔහු කියා තිබේ.

    ආණ්ඩුව බලයට පැමිණි පසු සිද්ධ වුණු කන්ටේනර් සිද්ධියේදී ආණ්ඩුව නිශ්ශබ්ද වුණත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් පත් කරන ලද වාර්තාවේ සඳහන් වන ආකාරයට පරීක්ෂා නොකර මුදා හැරි කන්ටේනර් තුන්සිය ගණනට අමතරව තිබෙන තවත් කන්ටේනර් මුදා හැර ඇති බව නාමල් රාජපක්ෂ පැවසුවා.

    ඒ අනුව සොයාගන්නා ලද රසායනික ද්‍රව්‍ය ආනයනය කළ බවට සැක කරන ලද කන්ටේනර් 2කත් එලෙස වරායෙන් ඉලියට දාපු කන්ටේනර් වලින් දෙකක්ද යන ප්‍රශ්නය මතු වන බව නාමල් රාජපක්ෂ පැවසුවා.

  • පොහොට්ටුව පරණ පුරුදු සෙල්ලම අරඹයි

    පොහොට්ටුව පරණ පුරුදු සෙල්ලම අරඹයි

    පොදුජන පෙරමුණ යුද්ධය තොරම්බල් කිරීමේ පරණ පුරුදු සෙල්ලම කිරීම ආරම්භ කර තිබේ. වර්තමාන ආණ්ඩුව රණවිරුවන් අපහසුතාවට පත්කරන්නේ යැයි පොදුපෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කරන්නේ යට කී කරුණ අළලා මල්වතු සහ අස්ගිරි නා හිමිවරු වෙත නිකුත් කර ඇති ලිපියක ය.

    එම ලිපිය අනුව ඔහු සඳහන් කරන්නේ මවු බිමෙහි නිදහස වෙනුවෙන් සිය දිවි දෙවන කොට සිය රාජකාරිය ඉටු කළ රණවිරුවන් උපක්‍රමිකව පීඩාවට පත්කිරිමට මාලිමා ආණ්ඩුව කටයුතු කරන බවයි.

    එබැවින් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ රණ විරුවන් වෙනුවෙන් එම දේශපාලන ව්‍යාපාරය නොපැකිළව කටයුතු කරන බවත් ඒ සඳහා මල්වතු අස්ගිරි නා හිමිවරුන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන බවත් එම ලිපියේ සඳහන් වේ.

    මේ සිදුකරන්නේ වෙන කිසිවක් නොවේ. යුද්ධය තොරම්බල් කර ජාතිවාදිය අවුස්සා තමන්ට නැවත බලයට පැමිණීමට හැකි මගක් පාදා ගැනීමයි.

    මතු පළ වන්නේ පොදුපෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් විසින් “රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි” යන ශීර්ෂයෙන් යුතුව මල්වතු සහ අස්ගිරි දෙපාර්ශ්වය වෙත ඉදිරිපත් කර ඇති එක් ලිපියකි.

  • දේශබන්දුට පොහොට්ටුවේ කරුණාව

    දේශබන්දුට පොහොට්ටුවේ කරුණාව

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් දක්වමින් කියා සිටියේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කරන විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බවයි.

    එසේම අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන් අධිකරණයට බලපෑම් සිදුවිය හැකි බැවින් එලෙස ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව ඔහු පවසා ඇත.

    දේශබන්දු තෙන්නකෝන් යනු රනිල්ලාගේ රාජපක්ෂලාගේ සුරතලෙකි. පොදුජන පෙරමුණ නඩු ක්‍රියාමර්ග ඉදිරියට දමමින් තම සුරතලා රැක ගැනීම වෙනුවෙන් ඉදිරියට පැමිණ තිබේ. අනෙක් අතින් දේශබන්දු විසින් රාජපක්ෂලා වෙනුවෙන් කරන ලද ජඩ වැඩ හෙළිවීම වැලක්වීමට නම් දේශබන්දුගේ කට වසා තැබිය යුතුව ඇත.

  • සුපිරි වාහන දෙක කවුදෝ ගෙනත් දාලා – රෝහිතගේ බෑනා

    සුපිරි වාහන දෙක කවුදෝ ගෙනත් දාලා – රෝහිතගේ බෑනා

    හොර රහසේ ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් මෝටර් රථය සහ ජීප් රථය නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් තම නිවසට ගෙනැවිත් දමා ගොස් තිබූ බව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන ගේ බෑනා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

    මීට සතියකට පමණ පෙර මෙම වාහන මෙසේ දමාගොස් තිබූ බවද ඔහු පවසා ඇත. නීති විරෝධීව මෙරටට ආනයනය කර ලියාපදිංචි නොකළ රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සහ ජීප් රථයක් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු ඇමැතිවරයාගේ බෑනාගේ නිවසේ සඟවා තිබියදී මහනුවර පොලිසිය මගින් ඔක්තෝබර් 20 දින සොයාගෙන තිබිණි.

    මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද විමර්ශනයකදී මහනුවර අනිවත්ත ප්‍රදේශයේ වාහන අලෙවි කරන ව්‍යාපාරිකයකු බව කියන හිටපු ඇමැතිවරයාගේ බෑනාගේ නිවසේ තිබී මෙම වාහන සොයාගෙන තිබිණි. පොලිසිය පවසන්නේ මෙම මෝටර් රථ දෙක එකලස් කරන ලද ඒවා නොවන බවයි. එහෙත් මෙම වාහන රේගුවද නොමඟ යවමින් කිසිදු රේගු ගාස්තුවක් නොගෙවා ගෙනවිත් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

    එමෙන්ම මෙම වාහන ලියාපදිංචි කර නොමැති අතර ඊට අයිතිකරුවකුද නොමැති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් වාහන දෙක මහනුවර පොලිසිය භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත. මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

    මගේ සම්බන්ධයක් තියෙනවා කියලා, ඔප්පු කළොත් දේශපාලනයෙන් යනවා.. රෝහිත
    මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකකට තමාගේ සම්බන්ධයක් ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඔක්තෝබර් 21 දින කළුතර දී මාධ්‍යයට පවසා තිබුණි.

    ‘මුලින්ම කිව්වා එම වාහනවලට මගේ බෑනා කෙනෙක් සම්බන්ධයි කියලා. පසුව කියනවා බෑනාගේ අයියා කෙනෙක් ̈. මේ වාහනවලට මගේ කිසිම සම්බන්ධයක් නෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා. මම දේශපාලනයට ආවේ වංචා සොරකම් කරන්න නොවෙයි. නොකළ දේවල්වලට චෝදනා එල්ල කරනවා. මෙහි ඇත්ත සොයන්න කියා ඉල්ලනවා.දේශපාලන මඩ ගහන්න මේවා භාවිතා කරන්න එපා. මේ කියන වාහනවලට මම හෝ බෑනාගේ සම්බන්ධයක් නෑ. වෙන කවුරුන් හෝ වරදක් කළොත් මම පළිද? මගේ ගෙදරත් වාහන තියෙනවා. මේ සියල්ල ලියාපදිංචි කළ වාහන. මම වරදක් කර ඇත්නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා. මේ වනවිට මැතිවරණයක් ක්‍රියාත්මක වෙනවා. වෙන පක්ෂවලට මේ පුවත් ලොකු වාසියක්. මේ මැතිවරණයේදී තියෙන්නේ මනාප තරගයක්. සමහර මාධ්‍ය නඩු අහල තීන්දුත් දෙනවා. මම වරාය ඇමැතිකමෙන් අස්වුණේ අවුරුදු දෙකකට කලින්. මහින්ද මහත්තයා එක්ක මමත් ඉවත් වෙනවා. අද වනතුරු චෝදනාවක් නෑ. මම සිය ̈ දේවල් සිදු කර ඇත්තේ නීත්‍යානුකූලව.

    තව පුවතක් යනව මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක් එම නිවසේ ඉන්න බව. එහෙම නම් පාර්ලිලිමේන්තුවේ එම විස්තර තියෙනවා. බොරුවට ආයුෂ නෑ. ඇත්ත ඉක්මනින් එළියට එනවා.’

  • අපේක්ෂකත්වය නාමල්ට!

    අපේක්ෂකත්වය නාමල්ට!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වෙනු ඇති බව බැසිල් රාජපක්ෂ පවසා තිබේ. ඩේලි මිරර් වාර්තා කර ඇති පරිදි හෙට උදෑසන නාමල් රාජපක්ෂගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටියේ කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනු ඇති බවයි.

    නමුත් පෞද්ගලික හේතුවක් මත ධම්මික පෙරේරා එය ප්‍රතික්ෂේප කර තිබේ.

    යම් ලෙසකින් හෙට දිනයේදීත් ධම්මික පෙරේරා මහතාගේ මෙම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවුනහොත් පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නෙලුම් මාවතේ දී පත්කරන බව උදයංග වීරතුංග ද පවසා තිබේ.

    එහිදී තවදුරටත් අදහස් දැක්වු උදයංග වීරතුංග,

    ”යුද්ධය දිනපු මේ රටේ හැමෝගෙම හදවතේ ලියවෙන මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද දායකයින් ගෙන ඉල්ලා සිටින්නේ පොහොට්ටු තීන්දුව වෙනුවෙන් පෙනි සිටින ලෙසයි . ධම්මික පෙරේරා අකමැති වුවහොත් නාමල් රාජපක්ෂ මහතා අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙට උදේ නෙලුම් මාවතේ දී ප්‍රකාශ කරනවා. ධම්මික පෙරේරා හට තිරණය ගන්න තව පැය දොළහක් තියනවා. බටහිරයේ මුදල් වලටවත් වෙනත් අයගේ අවශ්‍යතාවයන් වලටවත් නාමල්ගේ ගමන නතර කරන්නෙ නැති බව ඔහු පැහැදිලිව පැවසුවා. නාමල් ඔබ එදා තාත්තා ගෙන ගිය වගේ ඒ ගමන ඉදිරියට යන්න. මේ රටේ 69 ලක්ශයක් හෙට ඉල්ලන්නේ නාමල් රාජපක්ෂ. අපේ නායකයා අපේ ජනාධිපති හෙට හතට නෙළුම් මාවතේදී කලඑළි බසිනවා.”

  • නාමල් සහ එස්. එම්. චන්ද්‍රසේන අතර ගැටුම තවත් දරුණු අතට

    නාමල් සහ එස්. එම්. චන්ද්‍රසේන අතර ගැටුම තවත් දරුණු අතට

    පොදුජන පෙරමුණේ පිරිසක් රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තීරණය කිරීමත් සමඟ පොහොට්ටුවේ බෙදීම විවිධාකාරයෙන් කරළියට පැමිණ තිබේ.

    එහි අලුතම ජවනිකා වන්නේ නාමල් රාජපක්ෂ සහ එස්. එම්. චන්ද්‍රසේන එකිනෙකාට චෝදනා කර ගැනීමයි.

    එස්.එම් චන්ද්‍රසේන අපේක්ෂා කළ තනතුරු තානාන්තර ලබා දීම සඳහා බැසිල් රාජපක්ෂ කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හිත් අමනාපයක් ඇති වුන බව නාමල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ ඊයේ (03) පැවති පොහොට්ටුවේ පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමිනි.

    ”එදා එස් එම් ඇමතිතුමා වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා කොන්දේසි විරහිතව පෙනී සිටියා. බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර යම් හිත් අමනාපයක් ඇතිවුනා නම් ඒ ඇති වීමට එක් හේතුවක් වුනේ එස්.එම් මැතිතුමාලට අවශ්‍ය තනතුරු තානාන්තර ලබා දෙන්න අපි සටන් කරපු එක.”

    ”අපේ හදවත සහ අපේ හිත පිරිසිදුයි… අපි උපරිම කළා. හැබැයි එතුමන්ලා අද ගන්න තීන්දුව එතුමන්ලාගේ තීන්දුවක්” නාමල් රාජපක්ෂ පැවසුවේය.

    නැවත එන ඕනෑම කෙනෙකුට පක්ෂයේ දොර විවෘත බවත් මහින්ද රාජපක්ෂ ගේ සැලුන්දොරෙන් පක්ෂයට එන්න මෙන්ම යන්නත් පුලුවන් බව ද නාමල් රාජපක්ෂ පැවසිය.

    ”හම්බන්තොටින් නාමල් රාජපක්ෂ ගියත් දෙවැනි පෙළක් ඉන්නවා හම්බන්තොට දිනන්න. අනුරාධපුරයත් එහෙමයි. පළමු පෙළ ගියොත් බොහොම ආසාවෙන් ඉන්නවා දෙවැනි පෙළක් වගකීම් අරන් පක්ෂය දිනවන්න. පක්ෂයේ යාන්ත්‍රණය බොහෝම ශක්තිමත්.” යයි ද ඔහු සඳහන් කර ඇත.

    අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පත්කර ඇත.

    චන්ද්‍රසේන සහ සේමසිංහ අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමෙන් පසු නාමල් රාජපක්ෂ අනුරාධපුරයට ගොස් ඊයේ පළමු වරට රාජකාරී ආරම්භ කර තිබුණි.

    මේ අතර අරගලය සමයේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිගත්තේ නාමල් රජපක්ෂලාගේ වරදින් යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතැබීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

    පොහොට්ටු පක්ෂ මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළේ තමන්ගේ සහ මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහගේ නිවාසවලට ගිනිතැබීම “හොඳ වැඩක්” යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළ බවයි.

    තවදුරටත් එයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළේ, මන්ත්‍රී අතුකෝරළ ජීවිතය අහිමිවීමටද නාමල් රාජපක්ෂලා වගකිවයුතු බවය.

  • පොහොට්ටුව හේදිලාම යන ලකුණු

    පොහොට්ටුව හේදිලාම යන ලකුණු

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන ද ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දක්වන බව ප්‍රකාශයට පත්කර තිබේ.

    පොදුජන පෙරමුණේ බෙදීම ද මේ වනවිට ප්‍රසිද්ධ තලයට පැමිණ ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ගම්පහ, අනුරාධපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික් නායක ධුර දැරූ අමාත්‍යවරුන් තිදෙනෙකු සහ මන්ත්‍රීවරයෙක් ඉවත්කර එම තනතුරුවල වැඩ බැලීම සඳහා අලුතින් සිව් දෙනෙකු පත් කර ඇත.

    ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පත්කර ඇත.

    මීට අමතරව ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද, අමාත්‍ය කංචන විජේසේකර වෙනුවට මාතර දිස්ත්‍රික් නායකත්වයේ වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක ත් පත්කර තිබේ.

    එමෙන්ම ගාල්ල දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ රමේෂ් පතිරණ වෙනුවට එම දිස්ත්‍රික්කයේ වැඩබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පත් කර ඇත

    පක්ෂයේ තිරණයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය දැක්වීමට යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

     

    රනිල් ළඟට ගිය මන්ත්‍රීන්ට සාගර ගෙන් ලිපියක්

    පොදුජන පෙරමුණේ මතයට විරුද්ධව කටයුතු කරන අයට එරෙහිව විනය පියවර ගැනීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා හිටපු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින්ට ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

    ඔහු සඳහන් කළේ, පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමටත් ඊට එරෙහිවී වෙනත් අපේක්ෂකයෙකුට සහය පළ කරන සමාජිකයෙකුට විනය පියවර ගැනීමටත් පසුගිය දා රැස්වූ දේශපාලන මණ්ඩලය තීරණය කළ බවයි.

    එම තීරණය දේශපාලන මණ්ඩලයේ නොවන සමාජිකයින්ට ලිඛිතව දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කර ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පවසන්නේ, සාගර කාරියවසම්ලා මොන තීරණ ගත්තත් රට ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දැක්වීමට ගත් තීරණය වෙනස් නොවන බවයි.

  • පොහොට්ටුව දෙකඩ වෙයිද?

    පොහොට්ටුව දෙකඩ වෙයිද?

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කිරීමත් සමඟ පොහොට්ටුවෙන් පිරිසක් කැඩී යාම ස්ථීර වී ඇතැයි මත පළවේ.

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන නිසා, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා නොදීමට පක්ෂය තීරණය කළ බවයි.

    අද (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළා.

    එහිදී සාගර කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටියේ මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.

    කෙසේවෙතත්, මෙතෙක් පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න පිළිබඳව තීරණය කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට නම් කිහිපයක් සාක්ච්ඡාවට ගෙන ඇති බවත් සාගර කාරියවසම් මෙහිදී සඳහන් කළා.

    මෙම රැස්විමට සාමාජිකයින් 82 ගෙන් 79 ක් සහභාගි වි තිබු අතර ඡන්ද විමසීමක් පවත්වා තිබුණා.

    එහිදි සාමාජිකයින් 11 දෙනෙක් ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධ වි තිබෙනවා.

    තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට 06 දෙනෙක් පමණක් විරුද්ධ වි තිබෙන බව පැවසෙනවා.

    මේ අතර අද දිනයේ වාර්තා වූවේ තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කලැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව ප්‍රවාහන හා මහාමාර්ග ඇමති සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.

  • උදයංග වීරතුංගගෙන් තවත් දේශපාලන අනාවැකියක්

    උදයංග වීරතුංගගෙන් තවත් දේශපාලන අනාවැකියක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හමුවේ ජනපතිවරණයෙන් තමන්ට ජයග්‍රහණය කළ නොහැකි බව හැඟී ගියහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය කල් දමන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

    එවැනි වාතාවරණයක දී රටේ දරුණු කැළඹීමක් ඇතිවිය හැකි ලබන නොවැම්බර් මාසය සදහා රුසියානු සංචාරකයින් වෙනුවෙන් විශේෂ යානා (charter flights) සංවිධානය කරන්නේද, නැද්ද යන්න තවම තීරණය කොට නැති බවත් Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව සමග සංවාදයකට එක්වෙමින් ඔහු පවසා තිබේ.

    එමෙන්ම ජනපතිවරණයට පෙරාතුව ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවනු ඇතැයි පවසන හිටපු රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන්ගේ ඥාති සොහොයුරෙකු වන උදයාංග වීරතුංග, ජනපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් බටහිර රටවලින් ජනාධිපති වික්‍රමසිංහට කිසිදු විරෝධයක් එල්ල නොවනු ඇති බවත් සඳහන් කර තිබේ.

    එහිදී “විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්” හේතුවෙන් ජනපතිවරණය කල් දැමීම ගැන ශ්‍රී ලංකාවේ නීතිය පසිඳලන ආයතන වැනි “යම් යම් ආයතන සහ පුද්ගලයින්” ගෙන් විරෝධයක් එල්ල නොවනු ඇති බව ඔහුගේ අදහසයි.

    ජනපතිවරණයේදී පොහොට්ටුවෙන් නාම යෝජනා දෙකක් ඉදිරපත් වී තිබෙන අතර, ජනතාවට රාජපක්ෂවරුන් එපා නම් නාමල් රාජපක්ෂ වෙනුවට සුදුසුම අපේක්ෂකයා ධම්මික පෙරේරා බව සිය මතය බවද පැවසීය.