බදු වැඩිකිරීම නිසා බස් ගාස්තුවල වැඩිවීමක්

නව එකතු කළ අගය මත බද්ද (වැට්) 18% දක්වා වැඩිකිරීමට රජය තීරණය කිරීමත් සමඟ එම බද්ද පෞද්ගලික බස් කර්මාන්තයට බලපානු ඇති බවත් එය බොහෝදුරට බස් ගාස්තු වැඩිවෙනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ (LPBOA) සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම වැට් බද්ද ජනවාරි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔවුන් නොදන්නා බවයි.

“පසුගිය වසර 25 තුළ ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික බස්රථ ගෙන්වීමේදී බද්දක් අය කළේ නැහැ. නමුත් සුඛෝපභෝගී බස්රථ ගෙන්වීමේදී යම් බද්දක් අය කළා. ”ඔහු පැවසීය.

“අවාසනාවකට ඩොලර් අගය වැඩිවීමත් සමඟ රුපියල් ලක්ෂ 55ත් 7ත් අතර තිබූ සාමාන්‍ය බස් රථයක මිල දැන් රුපියල් මිලියන 13.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපට බස් රථ 20,000ක් තිබුණා, දැන් එය 17,000 දක්වා අඩු කර තිබෙනවා.මේ වනවිට බස් රථ 4000ක හිඟයක් තිබෙනවා.

“වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ සාමාන්‍ය බස් රථයක මිල රුපියල් මිලියන 15.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙම මිල ඉහළ දැමීමත් සමඟ බස් රථ හිමියන්ට බස්රථ ආනයනය කිරීමේ හැකියාවක් නැහැ. වැට් බද්දට සමගාමීව අමතර කොටස්, ලිහිසි තෙල් සහ සේවා මිල ගණන් ගාස්තු වැඩි වෙනවා”

“ඉන්ධන මිල වැඩිවීමත් දැඩිව බලපානවා.මෙම නව වැට් බද්ද ඉන්ධන මිලට එකතු වෙනවා, ඒ නිසා ඉන්ධන මිල වැඩි වෙනවා.

“මේ සියලු කරුණු සලකා බැලීමේදී නිශ්චිත බස් ගාස්තු වැඩිවීමක් සිදුවන අතර එය සාමාන්‍ය ප්‍රවාහන මාධ්‍ය ලෙස බස් රථ භාවිත කරන ජනතාවට සෘජුවම බලපානු ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...