ටෙලිකොම් මිලදී ගන්න අම්බානිත් ලංසු තියලා

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

එහිදි රාජ්‍ය ව්‍යවසායකයින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් අදාළ යෝජනා භාරදීමට ලබාදී තිබූ කාලය පසුගිය සිකුරාදා (12)අවසන් වි තිබුණා.

මෙතෙක් ලැබී ඇති සුදුසුකම් සඳහා වන ඉල්ලීම් විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව විසින් සලකා බලනු ලබන අතර ඒ අනුව මුකේෂ් අම්බානිගේ ජියෝ සමාගම (Jio Platforms Ltd, Gujrat), India Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited, Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd යන සමාගම්වලින් යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසාය බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව මෙම ඉල්ලීම් ඇගයීමට ලක් කෙරෙන බව සඳහන්.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ගනුදෙනු උපදේශකයින් ලෙස කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී කොටස් සියයට 50.2ක් රජයට අයත්වන අතර ඒ යටතට මොබිටෙල් ආයතනයත් අයත් වේ.

ලංකාව සතුව ඇති ඉතාම සංවේදී දත්ත දේශීය හෝ විදේශීය සමාගම්වලට විකිණීම හරහා රටේ ජාතික ආරක්ෂාවද බරපතල අවදානමකට හෙළන බව වෘත්තීය සමිති දිගින් දිගටම පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...