Breaking News

ටෙලිකොම් මිලදී ගන්න අම්බානිත් ලංසු තියලා

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

එහිදි රාජ්‍ය ව්‍යවසායකයින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් අදාළ යෝජනා භාරදීමට ලබාදී තිබූ කාලය පසුගිය සිකුරාදා (12)අවසන් වි තිබුණා.

මෙතෙක් ලැබී ඇති සුදුසුකම් සඳහා වන ඉල්ලීම් විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව විසින් සලකා බලනු ලබන අතර ඒ අනුව මුකේෂ් අම්බානිගේ ජියෝ සමාගම (Jio Platforms Ltd, Gujrat), India Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited, Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd යන සමාගම්වලින් යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසාය බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව මෙම ඉල්ලීම් ඇගයීමට ලක් කෙරෙන බව සඳහන්.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ගනුදෙනු උපදේශකයින් ලෙස කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී කොටස් සියයට 50.2ක් රජයට අයත්වන අතර ඒ යටතට මොබිටෙල් ආයතනයත් අයත් වේ.

ලංකාව සතුව ඇති ඉතාම සංවේදී දත්ත දේශීය හෝ විදේශීය සමාගම්වලට විකිණීම හරහා රටේ ජාතික ආරක්ෂාවද බරපතල අවදානමකට හෙළන බව වෘත්තීය සමිති දිගින් දිගටම පෙන්වා දෙයි.

leave a reply