ලොව අඩුම වැටුප් සහිත රට ලංකාවයි

CEOWORLD සඟරාව විසින් ලොව ධනවත් ම සහ දුප්පත් ම රටවල ආදායම් සන්සන්දනය කරමින් ඔවුන්ගේ සාමාන්‍ය දළ මාසික ශුද්ධ වැටුප් පිළිබඳව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. මෙම සමීක්ෂණය රටවල් 105 ක් මුල් කරගනිමින් සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල අනුව ලොව වැඩිම සාමාන්‍ය මාසික වැටුප් ලබන සේවකයන් සිටින්නේ ස්විට්සර්ලන්තයේ වන අතර අවම සාමාන්‍ය මාසික වැටුප US$6142.1 වේ.

මෙම වාර්තාවට අනුව මෙහි අඩුම වැටුප් ලබන සේවකයන් සිටින රට වන්නේ ශ්‍රී ලංකාව වන අතර එය US$ 143.62 ක අගයක් ගනී. ඉන්දියාව,බංග්ලාදේශය පාකිස්තානය ,නේපාලය වැනි සෙසු ආසියාතික රටවල සේවකයන් ශ්‍රී ලංකාවේ සේවකයන්ට වඩා වැඩි මාසික වේතනයක් ලබා ගන්නා බව පෙනී යයි.

ලංකාවේ බහුතර ජනතාවකට ජීවත් විය හැකි වැටුපක් නොලැබෙන බව පැහැදිලි කරුණකි. ආණ්ඩුවේ උත්තරය වී ඇත්තේ රාජ්‍ය සේවකයන්ට පමණක් රු 10000ක සොච්චම් වැටුප් වැඩිවීමක් ලබාදීමයි. පෙනී යන් පරිදි මෙම සොච්චම් වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවනවා පමණක් නොව රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...