රන්වල ඉල්ලා අස්වෙයි – හර්ෂණගේ ආචාර්ය පට්ටම අතපසුවීමක්ලු

කථානායක අශෝක රංවල එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නැති බවයි.

එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි තමන් සතුව නොමැති බැවින් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු එම ලිපියේ දක්වා තිබේ.

නමුත් එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීමට අපහසු බවත් ඔහු සිය ලිපිය මගින් පෙන්වා ඇත.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කර සිටියි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සඳහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒ බව පවසා ඇත.

අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බව එහි දැක්වෙනවා.

ඒ අනුව, එම අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම්දෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් මගින් සඳහන් කර ඇත.

එසේම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියලුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි පැවසෙන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...