Breaking News

ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට

ආහාර ද්‍රවය රැසක මිල ගණන් විශාල ලෙස වැඩිවී තිබෙන බව වාර්තා වේ. විශේෂයෙන් එළවලු, බිත්තර හා මස් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඊට අමතරව ලොකු ලූනු මිල ගණන් ද විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

ඉදිරි මාස තුනකට අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති අතර බිත්තර සඳහා පාලන මිලක් පැනවීමට ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යටතේ පියවර ගන්නා බව කෘෂිකර්ම සහ වැවිදි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ලබන ජනවාරියේ සිට බිත්තර සඳහා වැට් බදු වැඩිවීමට නියමිතය. මේවනවිට බිත්තරයක මිල 60ත් 65ත් අතර අගයක පවතියි. මේ මස මුල බිත්තරයක මිල පැවතියේ රු 50යි 55යි අතර මිලකටයි.

එසේම ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් පමණ වී ඇතැයි වාර්තා වේ.
පිටකොටුව තොග වෙළඳපොලේ මීට දින දෙකකට පෙර කිලෝවක් රුපියල් 260ත් 280 ත් අතර පැවති ලොකු ලූණු කිලෝවක තොග මිල දින දෙකකට පමණ පෙර සිට වන විට රුපියල් 380ක් බවට පත්ව ඇත.

ලංකා සතොස ද ලොකු ලුණු කිලෝවක් රුපියල් 365 කට ඊයේ දිනයේ අලෙවි කළ බවත් රාජ්‍ය ආයතනයක් එවැනි ආකාරයට මිල වැඩි කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයද මතුවේ.

ඇමතිවරු කියන ආකාරයෙන් පාලන මිල දැමීම ගැන ජනතාවට විශ්වාසයක් නැත. බිත්තර සඳහා, සීනි සඳහා පාලන මිල දැමීමෙන් පසු සිදුවූ දේ ගැන ජනතාවට මෑතකාලීන අත්දැකීම් ඇත.

රනිල් පාර්ලිමේන්තුවේදී කියන ආකාරයේ උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒම බොරුවක් බව ආහාර ද්‍රවයවල මිල ගණන් බැලූ විට පැහැදිලි වේ.

leave a reply