සුව විරුවෝ බඩගින්නේ – හොර විරුවෝ සැප නින්දේ

බලපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අතිකාල නොගෙවීමේ ගැටලුව වහා විසඳන්නැයි ඉල්ලා දෙවන දිනටත් සේවකයන් විසින් විරෝධතාවයක නිරත වී තිබේ. සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයෙන්, දකුණු පලාත් ආණ්ඩුකාරට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට, දිස්ත්රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට සහ රෝහල් අධ්‍යක්ෂකට සම්බන්ධයෙන් ලිපියක් ද යොමුකර තිබේ. ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මෙම සේවකයන්ට අප්‍රේල් සහ මැයි මාසවල වැටුප් නොගෙවා ඇති බවයි. වසංගත සමයේ ආණ්ඩුව විසින් සෞඛ්‍ය සේවකයන් සුව විරුවන් ලෙස හඳුන්වා වැටුප් ගෙවීමේදී ඊට වෙනස් ආකාරයකින් කටයුතු කිරීම නිර්ලජ්ජිත බවද එමගින් පෙන්වා දී ඇත. ඊයේ දිනයේදී දකුණු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක සමඟ බලපිටිය රෝහලේ කණිෂ්ඨ සේවකයන් තම ගැටළු පිළිබඳ සාකච්ඡා ඇතත් එයට විසඳුමක් ලැබී නොමැත.

සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය යොමුකළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...