ආණ්ඩුව දෙවන වරටත් විදුලි බිල වැඩිකිරීමට සැරසෙයි

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) 2025 වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු 6.8% කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන බව පසුගියදා වාර්තා විය. මේවනවිට මෙම ඉහළ නැංවීමට අදාළ මහජන අදහස් විමසීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සූදානම්ව සිටියි.

මහජනතාවගෙන් සහ පාර්ශ්වකරුවන්ගෙන් ලිඛිත අදහස් සහ යෝජනා 2025 ඔක්තෝබර් 7 වන දින දක්වා පිළිගනු ලබන අතර, සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 8 දක්වා පළාත් නවයක් පුරා වාචික අදහස් ලබාගන්නා ලබන බව කොමිසම පවසයි.

මෙම ගාස්තු වැඩි කිරීම සඳහා ප්‍රධාන හේතුව ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ මූල්‍ය හා මෙහෙයුම් ස්ථාවරත්වය සහතික කිරීම සහ අනාගතයේ විදුලි සැපයුමට ඇතිවිය හැකි අවදානම් අවම කිරීමයි.

ගාස්තු ඉහළ දැමීමට හේතු සහ යෝජනාව පිළිබඳ විස්තර

2025 වසරේ ආරම්භයේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් විදුලි ගාස්තු 20% කින් අඩු කිරීමට තීරණය කරන ලදී. ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ මෙම ගාස්තු අඩු කිරීම හේතුවෙන් 2025 වසරේ මුල් කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක් සිදු වූ බවයි. මේ පාඩුව පියවීමට ඔවුන් ජූනි මාසයේදී 18.3% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටි අතර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව එය 15% කට සීමා කරන ලදී.

දැන්, 2025 වසරේ අවසන් කාර්තුව සඳහා තවත් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල, ජල විදුලිය ලැබෙන ප්‍රමාණය, බලාගාර නඩත්තු වියදම් සහ ආර්ථිකමය සාධක ඇතුළු විවිධ කරුණු විශ්ලේෂණය කිරීමෙන් පසුව බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ. ඔවුන් සිය යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති අතර, එය සලකා බැලීමෙන් පසුව අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කෙසේවෙතත් පසුගියදා වාර්තා වූවේ විදුලිබල මණ්ඩලය මේ වසරේ දෙවන කාර්තුවට අදාළව රුපියල් මිලියන 53ක පමණ ලාභයක් ලබා ඇති බවයි.

මෙම නව විදුලි වැඩිවීම සිදුවුවහොත් නැවතත් විදුලි බිල මේ වසරේ සියයට 20න් අඩු කිරීමට පෙර පැවති තත්ත්වයෙනුත් එහාට ගමන් කිරීමට නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...