රෝහල් 40ක් වැසී ගිහින්, තවත් 100ක් වැසීයාමට ආසන්න තත්ත්වයේ

මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත් 100 කට ආසන්න රෝහල් ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්වයේ තිබෙනබව වාර්තා වේ .

ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග සෞඛ්‍ය ඇමතිවරයා අද පැවති සාකච්ජාවකදී මේ බව අනාවරණය වී තිබේ.

වෛද්‍යවරුන් නොමැතිව මේ වන විට වැසී තිබෙන හා වැසී ‍යාමට ආසන්න තත්වයේ ඇති රෝහල් උතුරු පලාතේ දිස්ත්‍රික්ක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්ක වල බව අනාවරණය කර ගෙන ඇත.

වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර යාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...