Breaking News

ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරීකරණ ව්‍යාපෘතියට කෘෂිකර්මයත් ඈඳා ගනියි

2009 යුධ ජයග්‍රහණය සමඟ ආරම්භ වූ රාජ්‍ය සේවය මිලිටරීකරණය කිරීමේ ක්‍රියාවලිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් වඩාත් ප්‍රබල ලෙස සිදුවෙනු දක්නට ලැබේ. එයට අලුතෙන්ම එකතුවූ ක්ෂේත්‍රය වන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයයි.

ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නව කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායක් ස්ථාපිත කර තිබේ.

අද දින ශ්‍රී ජයවර්ධන පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ දී මේ සදහා සමාරම්භක උත්සවයක් ද සංවිධානය කර තිබුණි. එහිදී අදහස් දක්වමින් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය යටතේ රටේ ආහාර සුරක්ෂීත භාවය ඉහළ නංවිමින් රටේ ආනයනික කෘෂී නිෂ්පාදය වෙනුවෙන් ස්වයංපෝෂිත කෘෂි නිෂ්පාදන නිර්මාණය කිරීම අරමුණ බවයි.

ඒ අනුව රජය සතු භාවිතා නොකළ ඉඩම් භාවිතා කර බෝග වගා කිරීමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුර පවසා ඇත.

පහත දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු යුධ හමුදා නිලධාරීන් රාජ්‍ය සේවයට එකතු කර ගනිමින් මිලිටරිකරණය ක‍්‍රියාත්මක වෙමින් පවතින ආකාර කිහිපයක් සහ ඒ සඳහා උදාහරණයි.

1 මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න – ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය
සභාපති, විදුලි සංදේශ නියාමන කොමිසම
ප‍්‍රධානී, සුරක්ෂිත රටක්,විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය
ප‍්‍රධානී, නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණ සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය

හමුදාපති ලූතිනන් ජෙනරල් ශ‍්‍රවේන්ද සිල්වා – ප‍්‍රධානී, කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය
මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) දයා රත්නායක
සභාපති, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය
මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) ජී.ඒ. චන්ද‍්‍රසිරි
හිටපු ආණ්ඩුකාර, නැගෙනහිර පළාත,
සභාපති, ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) සුදන්ත රණසිංහ
අධ්‍යක්ෂක ජෙනරාල්, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය
මේජර් ජෙනරල් විජිත රවිප‍්‍රිය
අධ්‍යක්ෂක ජෙනරාල්, ශ‍්‍රී ලංකා රේගුව
මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) එස්.ඩබ්.එල්. දවුලූගල
සභාපති, ශ‍්‍රී ලංකා ධීවර සංස්ථාව
මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) ඞී.එම්.එස්. දිසානායක
සභාපති, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
අද්මිරාල් (විශ‍්‍රාමික) ජයන්ත කොළඹගේ
විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්
මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) නන්ද මල්ලිමාරච්චි
අධක්ෂක ජෙනරාල්, බහුකාර්ය සංවර්ධන බලකාය
11.මේජර් ජෙනරල් සංජීව මුණසිංහ
ස්ථිර ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය

මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) සුමේධ පෙරේරා
ස්ථිර ලේකම්, මහවැලි අමාත්‍යාංශය
රියර් අද්මිරාල් ආනන්ද පීරිස්
අධ්‍යක්ෂ ජෙනරාල්, සිවිල් ආරක්ෂක බලකාය
මේජර් ජෙනරල් කේ. ජගත් අල්විස්
ප‍්‍රධානී, ජාතික බුද්ධි අංශය. (පොලිස් දෙපාර්තමේන්තුවේ නිලයකි)
බ‍්‍රිගේඩියර් සාලි
ප‍්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය ( පොලිස් දෙපාර්තමේන්තුවේ නිලයකි)
මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) ප‍්‍රසාද් සමරසිංහ
ප‍්‍රධාන කළමාණාකරු, නෙළුම් කුළුන ව්‍යාපෘතිය
ගුවන් හමුදා මාර්ෂල් හිටපු ගුවන් හමුදාපති (විශ‍්‍රාමික) රොෂාන් ග‍්‍රණතිලක
ආණ්ඩුකාර, බස්නාහිර පළාත,
ප‍්‍රධානී, හමුදා කඳවුරු සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ කාර්ය සාධක බලකාය
වයිස් අද්මිරාල් මොහාන් විෙජේවික‍්‍රම
මහ කොමසාරිස්, පකිස්ථානය
නියෝජ්‍ය පොලිස්පති (විශ‍්‍රාමික) එස්.එම්. වික‍්‍රමසිංහ
ඔම්බුඞ්ස්මන්, ජනාධිපති ලේකම් කාර්යාලය,
(ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කරන ලද විශ‍්‍රාමික ශේෂ්ඨාධිකරන විනිසුරුවරයකු පාර්ලිමේන්තු ඔම්බුඞ්ස්මන්වරයා ලෙස සිටියදීය)
බන්ධනාගාර ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව
x මේජර් ජෙනරල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න,
x ලූතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා
x වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න
(බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හෝ අධිකරණ අමාත්‍යාංශයෙන් කිසිවකු නැත)
කාර්ය සාධක බලකායන්

පාස්කු ඉරිදා ප‍්‍රහාර සම්බන්ධ පරීක්ෂණයන්හි ප‍්‍රගතිය අධික්ෂන කාර්ය සාධක බලකාය
( මෙම බලකායට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක ජෙනරාල්, රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ සහ පරීක්ෂන අංශයේ අධ්‍යක්ෂක සහ පොලිස් නීති අධ්‍යක්ෂක අතුළත්ය)
ආර්ථික පුනර්ජීවනය හා දරිද‍්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපතිකාර්ය සාධක බලකායෙහි සාමාජිකත්වය දරන යුද හා පොලිස් ප‍්‍රධානීන්
x ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා,
x වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න,
x මේජර් ජනරාල් (විශ‍්‍රාමික) ශාන්ත දිසානායක,
x රියාර් අද්මිරාල් (විශ‍්‍රාමික) ආනන්ද පීරිස්,
x මේජර් ජනරාල් (විශ‍්‍රාමික) ජී. විජිත රවිප‍්‍රිය
x මේජර් ජනරාල්(විශ‍්‍රාමික) සුදන්ත රණසිංහ,
x මේජර් ජනරාල් (විශ‍්‍රාමික) සුමේධ පෙරේරා
සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙහි ප‍්‍රධානී ආරක්ෂක ලේකම්, මේජර් ජනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න වන අතර පහත සදහන් අය එහි සාමාජිකත්වය දරති.
x යුද හමුදාපති ලූතිතත් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා,
x ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබල පොලිස්පති සි.ඞී. වික‍්‍රමරත්න,
x රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ‍්‍රාමික) විජිත රවිප‍්‍රිය,
x ජාතික බුද්ධි ප‍්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස්,
x රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ,
x යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ, මේජර් ජනරාල් ඒ.එස්. හේවාවිතාරණ,
x නාවික හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ. කුමාර, ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එම්.ඞී.ජේ. වාසගේ,
x පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල සහ
x නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර.
විශ‍්‍රාමික හමුදා නිලධාරින්ට අමතරව සිවිල් කටයුතු සඳහා ඍජුවම හමුදාව යෙදවීම
x ජනාධිපති දිවුරුම්දීමේ සහ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම වැනි රාජ්‍ය උත්සව හමුදාව ලවා සංවිධානය කරවීම කෝවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා ලෙස යුද හමුදාපති පත් කිරීම
x ලංකාගම පාර කැපීමේ ව්‍යාපෘතිය සඳහා යුද හමුදාව යෙදවීම
x කොළඹ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා යුද හමුදා පොලිසිය යෙදවීම
x මත්ද‍්‍රව්‍ය හා පාතාල මර්දනයට හමුදාව යෙදවීම
x අභ්‍යාසලාභී උපාධීධාරි පුහුණු වැඩසටහන් යුද හමුදාව මගින් හමුදා කඳවුරු කේන්ද‍්‍රකර ගනිමින් සංවිධානය කිරීම
x ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගුවන් හමුදාවේ නිලධාරීන් යෙදවීමට තීරණය කිරීම
X රියදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට බාර දීම
X දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස හමුදා නිලධාරීන් පත්කිරීම
X ගල්කොරි අධීක්ෂණය කිරීම සඳහා විශ‍්‍රාමික හමුදා නිලධාරියකු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට පත් කිරීම
X සෑම අමාත්‍යංශයකටම හමුදා නිලධාරියෙකු බැගින් පත්කිරීමට තීරණය කිරීම

 

leave a reply