ශ්‍රීලනිපයත් දෙකඩ වන ලකුණු – මහින්ද අමරවිරත් ඇමතිකම් ගනියි

තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (23) දිවුරුම් දුන්නා. එම ඇමතිවරුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු වූ මහින්ද අමරවීර සිටීම විශේෂත්වයක්.

ඒ අනුව,

ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
අමරවීර මහින්ද – කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
අහමඩ් සෙයිනුලාබ්දින් නසීර් – පරිසර අමාත්‍ය
රොෂාන් රණසිංහ – වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුම මේ වනවිට ආණ්ඩුවට එක්වී තිබේ.

තවත් කිහිප දෙනෙකු ආණ්ඩුවට සහාය පළ කිරීම සඳහා ආණ්ඩුවට එක් වීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ. මේ හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහය පළ කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර යම් මත භේදයක් නිර්මාණය වී ඇතැයි පැවසේ.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 14ක්ව පැවති ශ්‍රී ලනිප මන්ත්‍රී කණ්ඩායම නියෝජන කළ ශාන්ත බණ්ඩාර, සුරේන් රාඝවන් හා නිමල් සිරිපාල ද සිල්වා මේ වන විට ආණ්ඩු පාර්ශ්වයට එක් වී ඇත.

මේ අතර, ඉකුත්ද දා ශ්‍ රීලනිප උපසභාපති චාමර සම්පත් දසනායක ප්‍රකාශ කොට තිබුණේ ශ්‍රී ලනිපය පැහැදිලි තීන්දුවක් නොගන්නේ නම් තමා ආණ්ඩුවට සහය දැක්වීමට සූදානම් බව ය.

පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා සියලු දෙනාම ආණ්ඩුවට සහය ලබාදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇතැයිද පැවසේ.

කෙසේවෙතත් පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලින් පවසා තිබුනේ තිබුණේ ආණ්ඩුවට සම්බන්ධ නොවී ආණ්ඩුවේ හොඳ දේවල්වලට පමණක් සහාය දක්වන බවයි. නමුත් දැන් පෙනෙන්නට තිබෙන්නේ එම තත්ත්වය වෙනස් වී ඇති බවයි.

පක්ෂයේ මතයට පිටින් යමින් කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දුන් ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව විනය පියවර ගැනීම පිළිබඳව මේ වනතෙක් අවසන් තීරණයකට එළැඹ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මව්බිම පුවත්පත සමඟ පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...