දේශපාලන කුමන්ත්‍රණයක් . රනිල් ජනාධිපති කරන්නට සූදානම් වෙයි

එළියෙ පවතින ජන හඬට ඇහුම්කන් නොදී පාර්ලිමේන්තුව ඇතුළෙ සංයුතිය වෙනස් කර ප්‍රධාන පක්ෂවල එකගතාවයෙන් ආණ්ඩුවක් පිහිට වීමේ කුමන්ත්‍රණ සාකච්ඡා පවත්වමින් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

ගෝඨාභයට එරෙහි  දෝශභියෝගයිකින් පරාජයට පත් කර පාර්ලිමේන්තුව ඇතුළේ සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන තාවකාලික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීම මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන අරමුණබවද වැඩිදුරටත් සඳහන් වෙයි.රනිල් තාවකාලික ජනාධිපති කර අනෙකුත් ප්‍රධාන පක්ෂ එකතු වී ආණ්ඩුවක් පිහිටුවා සැලකිය යුතු කාලයක් තුළ නැවත මැතිවරණයක් කරා ගමන් කිරීම ඔවුන්ගේ අරමුණ වේ.

රනිල් වික්‍රමසිංහට විදෙස් රටවල සහාය ලබා ගැනීමට හැකිවේය යන මතය  උඩ ඔහුව ජනාධිපති කිරීමට  දේශපාලන පක්ෂවල සහය  හිමි වේය යන විශ්වාසය මත මෙම සාකච්ඡා සිදු වෙමින් පවතී.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම්  සැලසුම්සහගතව ජනතාව රවටමින්  තම කල්ලියේ දේශපාලන බලවේගයවල  පැවැත්ම ආරක්ෂා කර ගැනීමට මෙම උපක්‍රම හරහා කටයුතු කරමින් තිබෙන බව පෙනෙයි.

රනිල් හරහා රාජපක්ෂලාගේ ආරක්ෂාව ද තහවුරු වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...