මංගල්‍යය අධ්‍යක්ෂකවරු

රෝසමල් කාමුකබවත්
නෙළුම්මල් පිවිතුරුබවත්
පවසති

අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු

අරලියා ශෝකජනකබවත්
ඇන්තූරියම් වැදගත්බවත්
පවසති

දෙගොල්ලෝම එකාවන්ව මැරුණු මල්
නැවත නැවතත් පුබුදුවති

මංගල්‍යය අධ්‍යක්ෂකවරු
මල් පොකුරු අත රඳවති

අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
මල්වඩම් දෙනවටා සරසති

දෙගොල්ලම එකාවන්ව
මලින් සිත් වසඟයට ගනිති

මංගල්‍යය අධ්‍යක්ෂකවරු
සිනාසෙන්නැයි බලකරති

අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
හඬා වැටෙන්නට පසුබිම සකසති

දෙගොල්ලොම එකාවන්ව
අනෙකාගේ සිතුවිලිවලට බලෙන් රිංගති

මංගල්‍යය අධ්‍යක්ෂකවරු
පෝරුවේ වස්දොස් අරිති

අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
සුසානයේ දිග පළල මනිති

දෙගොල්ලම එකාවන්ව
අනෙකාගේ ජීවිතයේ නිලයන් අල්ලති

මංගල්‍යය අධ්‍යක්ෂකවරු
සුදුවතේ පිවිතුරුබව ආලේපන කරති

අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
සුදුවතේ ශෝකය ආලේපන කරති

දෙගොල්ලෝම එකාවන්ව
කළු ඇඳන් සේවය සපයති

මංගල්‍යය අධ්‍යක්ෂකවරු
මතුපිටින් සිනාසෙමින්
ඇතුළතින් වැළපෙමින්
මිලගණන් කැඳවති

අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
මතුපිටින් වැළපෙමින්
ඇතුළතින් සිනාසෙමින්
මිලගණන් කැඳවති

දෙගොල්ලොම එකාවන්ව
අනෙකාගේ ජීවිතයේ
මිල ගණන් තීරණය කරති .

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...