හම්දි ෆස්ලීන් දරුවා ගේ නීරෝගී වකුගඩුව අස්ථාන ගත වීම

කොළඹ රිජ්වේ ළමා රෝහලේ සිදුකරන ලද වකුගඩු සැත්කමකින් පසුව වයස අවුරුදු තුනයි මාස තුනක් වයසැති හම්දි ෆස්ලීන් නම් දරුවා මිය යන ලදි. මෙම සැත්කම කරන ලද වෛද්‍යවරයා මේ වන විට රටින් පළා ගොසිනි. හම්දි ෆස්ලීන් දරුවාගේ නීරෝගී වකුගඩුව අතුරුදහන් වී තිබූ තර මෙතෙක් ඒ පිලිබඳව තොරතුරක් නොමැති. මේ භයානක සිදුවීම් වන්නේ දිවයින පුරා පැතිරී ගිය නීති විරෝධී වකුගඩු ජාවාරම් පවතින තත්වයක් උඩදීය. බොරැල්ලේ වෙස්ටර්න් රෝහලේ සිදුවූ වකුගඩු ජාවාරම් පිලිබඳව පොලිසිය පරීක්‍ෂණ පවත්වති. එසේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නීති විරෝධී වකුගඩු ජාවාරම් වල නියුතු වූ බවට චෝදනා ලද වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිට එරෙහිව පරීක්‍ෂණ සිදු කරගෙන යති. එහෙත් බලවතුන් බොහෝ දෙනෙකුගේ රැකවරණය මත සිදුවන නීති විරෝධී වකුගඩු ජාවාරම නොනවතින පාටක් නොමැත. සියළු පරීක්‍ෂණ මහජනතාව රවටන ඇස් බැඳුම්ද කියා සැක මතුවේ. මෙවැනි වාතාවරණයක හම්දි ෆස්ලීන් දරුවා ගේ නීරෝගී වකුගඩුව අස්ථාන ගත වීම පිලිබඳව ඔහුගේ ඥාතීන් පමණක් නොව මුළු රටක ජනතාවද විශ්මය පළ කරති.

දේශපාලන හස්තයකින් රැකවරණ ලබන වීරක්කොඩි ගේ වකුගඩු ජාවාරම

වකුගඩු මාෆියාවේ මීලඟ ඉළක්කය පොළොන්නරුව මහ රෝහලද ?

ශ්‍රී ලංකාව නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක්ද ?

ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...