Breaking News

හම්දි ෆස්ලීන් දරුවා ගේ නීරෝගී වකුගඩුව අස්ථාන ගත වීම

කොළඹ රිජ්වේ ළමා රෝහලේ සිදුකරන ලද වකුගඩු සැත්කමකින් පසුව වයස අවුරුදු තුනයි මාස තුනක් වයසැති හම්දි ෆස්ලීන් නම් දරුවා මිය යන ලදි. මෙම සැත්කම කරන ලද වෛද්‍යවරයා මේ වන විට රටින් පළා ගොසිනි. හම්දි ෆස්ලීන් දරුවාගේ නීරෝගී වකුගඩුව අතුරුදහන් වී තිබූ තර මෙතෙක් ඒ පිලිබඳව තොරතුරක් නොමැති. මේ භයානක සිදුවීම් වන්නේ දිවයින පුරා පැතිරී ගිය නීති විරෝධී වකුගඩු ජාවාරම් පවතින තත්වයක් උඩදීය. බොරැල්ලේ වෙස්ටර්න් රෝහලේ සිදුවූ වකුගඩු ජාවාරම් පිලිබඳව පොලිසිය පරීක්‍ෂණ පවත්වති. එසේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නීති විරෝධී වකුගඩු ජාවාරම් වල නියුතු වූ බවට චෝදනා ලද වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිට එරෙහිව පරීක්‍ෂණ සිදු කරගෙන යති. එහෙත් බලවතුන් බොහෝ දෙනෙකුගේ රැකවරණය මත සිදුවන නීති විරෝධී වකුගඩු ජාවාරම නොනවතින පාටක් නොමැත. සියළු පරීක්‍ෂණ මහජනතාව රවටන ඇස් බැඳුම්ද කියා සැක මතුවේ. මෙවැනි වාතාවරණයක හම්දි ෆස්ලීන් දරුවා ගේ නීරෝගී වකුගඩුව අස්ථාන ගත වීම පිලිබඳව ඔහුගේ ඥාතීන් පමණක් නොව මුළු රටක ජනතාවද විශ්මය පළ කරති.

leave a reply