ගුරු වැටුප් වැඩි කරගන්න ලබන අයවැය වෙනකම් ඉන්නලු

සමස්ත රාජ්‍ය සේවය ගැන සිතා එළඹෙන අයවැයේ දී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ගුරු විදුහල්පති වැටුප් ගැටළුව දීර්ඝ කාලීන ගැටළුවක් බවත් මේ අවස්ථාවේ සමාන්තර සේවා ගැන සිතා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පවසයි.

ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයද ගුරුවරුන්ගේ වැටුප් ඉහළ නැංවිම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව ද එහිදී මෙම තීරණයට එළඹි බවද සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...