Day: March 8, 2023

  • මාර්තු 27 ඉතාලියේ රැකියා අවස්ථා සඳහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අයදුම් කිරීමට ශ්‍රී  ලාංකීකයින්ට අවස්ථාව උදාවේ.

    මාර්තු 27 ඉතාලියේ රැකියා අවස්ථා සඳහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අයදුම් කිරීමට ශ්‍රී  ලාංකීකයින්ට අවස්ථාව උදාවේ.

    ඉතාලියේ රැකියා අවස්ථා සඳහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අයදුම් කිරීමට ශ්‍රී  ලාංකීකයින්ට අවස්ථාව උදාවේ….
    2023 මාර්තු 27 දින සිට මෙම මහගු අවස්ථාව ලබා ගන්න……

    යන මැයෙන් ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් 2023 මාර්තු 7 දාතමින් මාධ්‍ය ආයතන වෙත යොමුකල නිවේදනයේ දැක්වෙන හෙඩිම මෙන්ම අන්තර්ගතයද අර්ධ සත්‍යක් බව මුලින්ම සඳහන් කරමු. ඉතාලියේ සිට ක‍්‍රියාත්මක වෙබ් පුවත්පතක් ලෙස විවර අපට ඒ පිළිබඳ පැහැදිළි කිරීමේ වගකීමක් ඇති බවද සලකමින් මෙම තොරතුරු ඉදිරිපත් කරමු. එම නිවේදනය එසේ හිතා මතා කල දෙයක්ද නොදැනුවත් කම නිසා සිදු වූවක්ද යන්න සොයා බැලිය යුතුය. සමස්තය ගත් විට අපට හැගෙන්නේ එම කාර්යංශය ජනතාව නොමග යවන සුලූ තොරතුරු ඉදිරිපත් කිරීම හරහා වෙනත් අරමුණක් ඉටු කරගන්නට උත්සහ දරනවාද යන්නයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිවේදනය

    කෙසේ වෙතත් සිරස්තලයේ දක්වා ඇති පරිදි ශ‍්‍රී ලාංකිකයින්ට මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අයදුම් කල හැකිය යන්න සාවද්‍ය වේ. මෙහි ඉල්ලූම් පත් යොමුකල හැක්කේ ඉතාලියේ අදාල ක්ෂේත‍්‍රයන්හි නිෂ්පාදන හෝ සේවා ආයතන පවත්වාගෙන යන සුදුසුකම් සැපිරූ සේවා යෝජකයින්ට තමන්ට අවශ්‍ය සේවකයෙකු ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා පමණි. ලංකාවේ සිටින විදෙස් රැකියා ලාභියා මුලින්ම කල යුත්තේ ඉතාලියේ සිටින තමන් දන්නා කෙනෙකු මගින් හෝ තැරැව්කරුවෙකු මාර්ගයෙන් සුදුසුකම් සහිත සේවා යෝජකයෙකු සොයා ගෙන තම විදෙස් ගමන් බලපත‍්‍රයේ පිටපතක් ඔහුවෙත යොමු කිරීමයි. එහෙත් එපමනින් එම සේවා යෝජකයාට අදාල සේවකයා ලබා ගැනීමට ඉල්ලූම් කල නොහැක. මුලින්ම ඒ පලාතේ රැකියා විරහිතයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයට il Centro per l’Impiego  තම අවශ්‍යතාවය දන්වා ඉල්ලූම් පතක් යොමු කල යුතුය. එහිදී පියවර කීපයක් අනුගමනය කල යුතු අතර ඒ අනුව අවසානයේ එම ක‍්‍රියාවළිය තුලින් අවශ්‍ය සේවකයා නොලැබෙන්නේ නම් පමණක් විදෙස් ශ‍්‍රමිකයෙක් ගෙන ඒමේ අවස්ථාව තීරණය වේ.

    x සේවා යෝජකයා විසින් තම අවශ්‍යතාවය අනුව රැකියා මධ්‍යස්ථානයට ඉල්ලූම්පත‍්‍රයක් යොමුකල යුතුය. දින 15ක් ඇතුලත ඉන් පිළිතුරක් නොලැබුනහොත් විදෙස් සේවකයකු ඉල්ලූම් කිරීමේ අවස්තාව හිමිවේ.
    x ඊළගට රැකියා මධ්‍යස්ථානය විසින් යම් සේවකයෙකු යොමු කල පසු ඔහු හෝ ඇය සේවා යෝජකයාට නොගැලපේනම් අදාල ක‍්‍රමවේදය තුල ඉවත් කල හැකි අතර ඒ අනුව විදෙස් ශ‍්‍රමිකයෙක් ඉල්ලූම් කිරීම සඳහා අවස්ථාව හිමිවේ.
    x ඊට අමතරව රැකියා මධ්‍යස්තානය විසින් යොමු කල ශ‍්‍රමිකයා සාධාරණ හේතුවකින් තොරව රැකියාව සඳහා යොමු වන්නේ නැතිනම් දින 20කින් එය

    අහෝසි වන අතර එවන් අවස්ථාවකදීද විදෙස් ශ‍්‍රමිකයෙක් ඉල්ලූම් කිරීම සඳහා අවස්ථාව හිමිවේ.

    ඉන් අදහස් වන්නේ 2023 මාර්තු 27 උදේ 9.00ට මාර්ගගත ක‍්‍රමයට උදාවන ඉල්ලූම් පත් යොමු කිරීමේ අවස්ථාව වන විට ඊට පෙර ඉහතින් සඳහන් කල ක‍්‍රියාවළිය සේවා යෝජකයා විසින් අනුගමනය කර ඒ බවට වූ ස්වයං සහතික පතක්ද ඉල්ලූම් පත සමග යොමු කල යුතු බවයි.
    (මෙම ක‍්‍රියාවළිය තාවකාලික වීසා හා තම රටවලදී ඉතාලි පාඨමාලා අවසන් කල අයට අදාල වන්නේ නැත.)

    ඒ අනුව උක්ත නිවේදනයේ තිබෙන සමහර දත්ත නිවැරදි වුවත් ඉන් ලබා දෙන පණිවිඩය යම් නොමග යැවීමක් වන අතර ලංකාවේ සිට මාර්ගගත ක‍්‍රමයට ඉල්ලූම් කිරීමේ කිසිදු ඉඩ කඩක් නොතිබියදී මෙවන් ආකාරයේ තොරතුරු සැපයීමක් සිදු කිරීම වගකීම් විරහිත කටයුත්තක් බවද සඳහන් කරමු.
    මේ පිළිබඳ සවිස්තරව දැන ගැනීම සඳහා අප මින් පෙර එළි දැක්වූ ඊට අදාල ලිපියද මෙහි අමුණමු.


    ඉතාලියේ නීත්‍යානුකූල රැකියා අවස්ථා ලබා ගැනීමට  අදාල තොරතුරු ඇතුළත් ලිපිපෙළ පහත පළවේ.

    ඉතාලියේ නිත්‍යානුකූල රැකියාවක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව – ඉල්ලුම්පත් භාර ගැනීම මාර්තු 27


    දෙක්‍රෙත්තෝ ෆ්ලූස්සි 2022/2023 – 82.705 කට අවස්ථාව


    මොකක්ද මේ සර්ජෝර්නෝව පිළිබඳ කලබලේ

  • මෛත්‍රිපාල සිරිසේන පළාත් සභා මැතිවරණය කල් දැමීමට රනිල්ට සහාය දෙයි.

    මෛත්‍රිපාල සිරිසේන පළාත් සභා මැතිවරණය කල් දැමීමට රනිල්ට සහාය දෙයි.

    මෛත්‍රීපාල සිරිසේන පළාත් පාලන මැතිවරණය නො පවත්වන්න රනිල් වික්‍රමසිංහට අවශ්‍ය මතවාදීමය සහයෝගය ලබාදෙමින් සිටින බව ඉයේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් හෙළිදරව් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ නිදහස ජනතා සන්ධානය අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය  වෙත අදහස් දක්වමින්  මෛත්‍රිපාල සිරිසේන  පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස ප්‍රකාශ කරන්නේ.

    ජනතා  පරමාධිපත්‍ය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රකාශයට පත්වෙන්නෙ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ළිබඳව බවත් පළාත් පාලන මැතිවරණ  සහ පළාත් සභා ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු වෙන ආයතනක්  ලෙස පිළිගෙන නොමැති බව සිරිසේන එහිදී ප්‍රකාශ කර සිටිනවා.  වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු   ප්‍රකාශ කරන්නේ මේ මැතිවරණය මැතිවරණ කොමසාරිස්වරයාගේ සහ රජය කතා බහ කරලා  එකඟතාවයෙන් පැවැත්විය යුතු එකක් බවයි.