රනිල්ගේ ‘IMF සහ විකුනොමික්ස්’ ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය ආයතන විකිණීමට සූදානම්

රනිල්ගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම එකම විසදුම වූ ආර්ථික ප්‍රතිපත්තිය අනුව ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකිණීමේ කටයුතු කඩිනම් කෙරෙමින් පවතියි.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳ පසුගිය 10 වනදා සාකච්ඡා කළ බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID සහ JICA ඔවුන් ලබා දිය හැකි සහය පිළිබඳව මේ වන විට දැනුම් දී ඇති බවයි.

ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මාර්ග සිතියම සහ කාලවකවානුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අවසන් පනතට පෙර ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිසංස්කරණ ලබන සතියේ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ උපදෙස් ඇතුළත් ලසාඩ් ජාත්‍යන්තර මුල්‍ය සහ වත්කම් කළමනාකරණ සමාගමේ විශේෂ උපදේශාත්මක වාර්තාව ලබන මසදී ලැබෙනු ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව අදාළ වාර්තාවේ උපදෙස් අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය කටයුතු කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපදේශාත්මකව සහාය ලබා දෙන්නේ මෙම සමාගමයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...